Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහමායා බාලිකාවෝ නිල් සටන දිනති

මහමායා බාලිකාවෝ නිල් සටන දිනති

editorial - 2025 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

මහමායා බාලිකා විදුහලත් ශාන්ත අන්තෝනි බාලිකා විදුහලත් අතර තුන්වැනි වරටත් පැවැති කන්ද උඩරට කුමරියන්ගේ නිල් සටන මහා ක්‍රිකට් තරඟයේ ජය මහමායා විදුහල විසින් අත්කරගන්නා ලදි. මෙම තරගය පසුගිය 18 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තරක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මහමායා කණ්ඩායම ඕවර 30 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන්ශාන්ත අන්තෝනි බාලිකාවන්ට ඕවර 30 තුළදී ලබා ගත හැකිවූයේ කඩුලු 5ක්  දැවී ලකුණු 149 ක් පමණි. ඒ අනුව මහමායා ක්‍රීඩකාවන්ට ලකුණු 23 ක ජයක් හිමි විය.

 

මහමායා බාලිකා විදුහල - ඕවර 30 කදී කඩුලු 7 ට 172 යි
(අශේනී තලගුණේ 72, ගනිත්යා කොතලාවල 29, යෙනුලී අමරසිංහ 10, මල්මී හෙරත් 27/2, මිලීෂා බෙරෙන්ජර් 23/2)

අන්තෝනි බාලිකා විදුහල - ඕවර 30 කදී කඩුලු 5 ට 149 යි
(කවිෂ්කා අබේරත්න 70, පූර්නිමා ගුණවර්ධන 17, මල්මී හේරත් 14, යෙනුලී අමරසිංහ 17/1, අශේනි තලගුණේ 49/1, හියත්මා ජයරත්න16/1)


අදහස් (0)

මහමායා බාලිකාවෝ නිල් සටන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.