Last Update  :  2026-03-03 16:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර - හැව්ලොක්ස් අවසන් පූර්ව තරගය අද

මහනුවර - හැව්ලොක්ස් අවසන් පූර්ව තරගය අද

editorial - 2026 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (3 වැනිදා) පස්වරු 4.00 ට නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසීමට නියමිතය. 

ඉකුත් සෙනසුරාදා (28 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලදී ලකුණු 29-10 ක් ලෙස පොලිසිය පරාජය කරමින් හැව්ලොක්ස් කණ්ඩයම අවසන් පූර්ව වටයට පිවිසි අතර මහනුවර කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 27-15 ක් ලෙස යුද හමුදාව පරාජය කරමිනි. 

මෙවර අන්තර් සමාජ රග්බි ලීගයේදී මෙම කණ්ඩායම් දෙක දෙවතාවක් එකිනෙකාට එරෙහිව තරග වැදුණු අතර එම තරග දෙකේදීම හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. ඉන් මූලික වටය යටතේ නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 36-26 ක් ලෙස ජයගත් මහනුවර කණ්ඩායම, සුපිරි වටය යටතේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජයගත්තේ ලකුණු 42-17 ක් ලෙසිනි. 

හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා අතර එහිදී ඔවුන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව එළබෙන 7 වැනිදා තරග බිමට පිවිසෙනු ඇත. 


අදහස් (0)

මහනුවර - හැව්ලොක්ස් අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.