
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (7) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය.
ඒ අනුව මහනුවර කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 61 ක් පසුපසින් සිටියි. මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සම්මු අෂාන් හතරේ පහර 8 ක් සමග ලකුණු 52 ක් රැස්කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 260 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 84 ක් රැස්කළ අතර රමේෂ් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 70 ක් රැස්කිරීමට සමත් විය.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ චාමික ගුණසේකර ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර ගාල්ල පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් දුලාජ් සමුදිත ලකුණු 51 කට කඩුලු 3 ක්ද, ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 39 කට කඩුලු 2 ක්ද බිඳහෙළුෑහ.
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 260
(ඕෂද ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, රමේෂ් මෙන්ඩිස් 70, ඉසිත විජේසුන්දර 27, චාමික ගුණසේකර 45/5, දුලාජ් සමුදිත 51/3, ජෙෆ්රි වැන්ඩසේ 39/2)
මහනුවර පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 199
(පවන්ත වීරසිංහ 15, චාමික හීනටිගල 18, සම්මු අෂාන් 52, අෂේන් බණ්ඩාර 28, සොහාන් ද ලිවේරා 20, චාමික කරුණාරත්න නොදැවී 34, ඉසිත රූපසිංහ 55/4, අසංක මනෝජ් 47/2)



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.