Last Update  :  2025-05-10 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද රාජපක්ෂ ජාතික පාසලට පූර්ණ ජයක්

මහින්ද රාජපක්ෂ ජාතික පාසලට පූර්ණ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදුක්ක සිරි පියරත්න විදුහල සහ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල අතර හෝමාගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජාතික පාසල සමත් විය.

එහිදී මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ සත්මින් සත්සර ලකුණු 49 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර නොදැවී ලකුණු 33 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරාද රැගෙන ගියේය.


සිරි පියරත්න විදුහල පළමු ඉනිම - ඕවර 28.1 කදී සියලු දෙනා දැවී 84
(ලෝචන නාඋල්ල 34, සත්මින් සත්සර 19/6, නිලුපුල් ලියනගේ 15/3)

මහින්ද රාජපක්ෂ ජාතික පාසල පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී 163
(ජනුල් ජයවීර 36, සත්මින් සත්සර 25, ලෝචන නාඋල්ල 32/3, රුක්ෂාන් බණ්ඩාර 20/2)

සිරි පියරත්න විදුහල දෙවැනි ඉනිම - ඕවර 20.3 කදී කඩුලු 9 ක්  දැවී 136  
(මලිත් කුමාර 48, ලසිත් තිමිර 38, සත්මින් සත්සර 30/3, නිලුපුල් ලියනගේ 54/2)

මහින්ද රාජපක්ෂ ජාතික පාසල දෙවැනි ඉනිම - ඕවර 7.4 කදී කඩුලු 4 ක් දැවී 58
(සත්මින් සත්සර නොදැවී 33, මලිත් කුමාර 24/2)

 


අදහස් (0)

මහින්ද රාජපක්ෂ ජාතික පාසලට පූර්ණ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.