Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්දයත් හොඳ පිළිතුරකට සැරසෙයි

මහින්දයත් හොඳ පිළිතුරකට සැරසෙයි

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකණු ලක අගනගරය වන ගාල්ලේ ප්‍රධානතම පාසල් 2ක් වන රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර අද (17) ආරම්භ වූ 112 වැනි ආදරවන්තයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහින්ද විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිමට වඩා ලකුණු 88 ක් පසුපසින් සිටින්නේ කඩුලු 7ක් ද ඇතැතිවය.


ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනූ මහින්ද විදුහල් පිලේ නායක හංසිත වැලිහිඳගේ ඇරියුමෙන් පළමුව ඉනිම ආරම්භ කළ රිච්මන්ඞ් විදුහල සියලුදෙනා දැවී ලකුණු 184ක් රැස් කළේය.


අද දිවා ආහාරය වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 134ක් ලබා සිටි රිච්මන්ඞ් විදුහල් පිලේ ඉතිරි කඩුලු 4ම පස්වරු තේ පානයට පෙර බිඳ වැටුණේ ලකුණු 50ක් ඇතුළතදීය.


වසර 1905 දී ආරම්භ කළ ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් දෙවිදුහලම තරග 23 බැගින් ජයගෙන සිටීම නිසා අද තරගයේ දී දෙපිලේහිම ක්‍රීඩකයන් කරට කර සටනක නිතරව සිටින අතර තරගයේ ජයග්‍රහණය එකම අරමුණ බවට පත් කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටිති.


රිච්මන්ඩ් විදුහල පළමු ඉනිම - 184යි.
(අවිඳු තීක්ෂණ 38, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, කවීෂ අභිෂේක් නොදැවී 37, ආදිත්‍ය සිරිවර්ධන 26, කලිඳු එදිරිසිංහ 2/19, නිපුන් මාලිංග 50/2, කවිඳු එදිරිවීර 24/2)


මහින්ද විදුහල පළමු ඉනිම - 96/3යි.
විනුර හිරන්ජිත් නොදැවී 25, නවෝද් පරණවිතාන 20, සඳුන් මෙන්ඩිස් 27/2)

- 077


අදහස් (0)

මහින්දයත් හොඳ පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.