Last Update  :  2026-03-13 13:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා පුටුව බිමල්ට

මලල ක්‍රීඩා පුටුව බිමල්ට

editorial - 2026 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී (2026 -28) සභාපති ධුරයට බිමල් ප්‍රසන්න විජයසිංහ මහතා වැඩි ඡන්ද 23 කින් තේරී පත් විය.

එහිදී ඔහු ඡන්ද 61 ක් ලබා ගන්නා අතර ප්‍රතිවාදී සභාපති අපේක්ෂක සුනිල් ගුණවර්ධන මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 38 ක් පමණි.මෙවර නිලවරණයේදී ඡන්ද විමසීම් කළ විධායක සභාවේ සියලු තනතුරු බිමල් විජයසිංහ පාර්ශවය දිනා ගැනිමට සමත් විය.

එහිදී ප්‍රධාන ලේකම් ධුරයට පත් මාධව සෙනරත් බන්ඩාර මහතා නිලවරණයේදී අපේක්ෂකයකුට ප්‍රකාශවූ ඉහළම ඡන්ද ගණන වන ඡන්ද 64 ක් ලබා ගත්තේය. ප්‍රතිවාදී ලේකම් ධුර අපේක්ෂක වෛද්‍ය ධම්මික සේනානායක මහතාගේ ඡන්ද ගණන එහිදී 35 කට සීමා විය.

 ඒ අනුව වසර 25 කට පසුව නැවැත මලල ක්‍රීඩා ආයතනයේ සභාපති ධුරයට පත්වීමට එහි හිටපු සභාපතිවරයෙකුද වන (2000 - 01) සුනිල් ගුණවර්ධන මහතා ඊයේ දැරූ උත්සාහය අසාර්ථක විය.

මේ අතර කමිටු සභික ධුර අටක් සදහා පැවැති ඡන්ද විමසුමේදී අපේක්ෂකයන් දෙදෙනකුගේ ඡන්ද සමවීමෙන් ඉන් එක් අපේක්ෂකයෙක් වන ලාල් චන්ද්‍රකුමාර මහතා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීමෙන් එම ගැටළුව විසදා ගැණුනි.

ඡන්දය ගණන් කරමින් සිටින අවස්ථාවේදී නිල නොවන ආකාරයෙන් ප්‍රතිපල සභාවට දැනුම්දීමට උත්සාහ කළ බව කියන නිලධාරියකු සභාවෙන් පිටමං කිරීමට නිලවරණ කමිටුව කටයුතු කළේය.

නව සභාපති බිමල් විජයසිංහ මහතා  පිටියේ ඉසව් හිටපු ශූරයකු වන අතර එම පත්වීම කැපී පෙනෙන්නේ මලල ක්‍රීඩා පරිපාලනයට ඔහු නවකයකු වන බැවිනි.මේ වන විට ඔහු ඕල්කට් ක්‍රීඩා පදනමේ සභාපති ධුරයද හොබවයි.ඊයේ පැවැති නිලවරණයට දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 33 ක නියෝජිතයෝ සහභාගි වූහ.

ඊයේ මලල ක්‍රීඩා නව විධායක සභාවේ පත්වීමත් සමග පසුගිය අගොස්තු 25 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අති විශේෂ ගැසට් නිවේදනයකින් ක්‍රීඩා ඇමතිවරයා විසින් පවරා ගනු ලැබූ මලල ක්‍රීඩා පරිපාලනය නැවත මලල ක්‍රීඩා ආයතනය වෙත පැවරේ.

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නව විධායක සභාව ( 2026 - 28)

සභාපති : - බිමල් ප්‍රසන්න විජයසිංහ මහතා

ප්‍රධාන ලේකම් ධුරයට : -මාධව බන්ඩාර සෙනරත් මහතා

භාණ්ඩාගාරික ධූරයට : -රසිකා නිලංගනී මහත්මිය

උප සභාපති ධුර ( 2) : -  ජයන්ත සියමුදලි හා ජගත් නානසිරි සිල්වා යන මහත්වරුන්

උප ලේකම් ධුරයට : - ඇලෝයි නිෂාන්ත මහතා

උප භාණ්ඩාගාරික ධුරයට : - ශාන්ත ද සිල්වා මහතා (නිතරගයෙන්)

කමිටු සාමාජික ධුර (8) : - ප්‍රසන්න අළුවිහාරේ, ගීතා පතිරණවසම්, ගීත් උදයංග මානවඩු, ටෙනිසන් ශ්‍රී වර්ණසිංහ අබේගුණරත්න, ඊ.ඊෂ්වරන්, ජ්‍යෙිෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර ගලගමගේ, නෙවිල් රුදිගු හා වසන්ත ෆොන්සේකා යන මහත්ම මහත්මීන්


අදහස් (0)

මලල ක්‍රීඩා පුටුව බිමල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.