Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හෙට (30දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා ගොනුකොට තිබූ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (29දා) ප්‍රතික්ෂේප කරන ලදි.
මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදී ඇති ඇතැම් අපේක්ෂකයන් ක්‍රීඩා පනතේ නව නීති රීති වලට අදාළව සුදුසුකම් සපුරා නැතිබව සඳහන් කරමින් ජාතික මට්ටමේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු විසින් ඉකුත් සිකුරාදා (26 දා) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදි. මෙම 30 වැනිදා පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
කොළඹ දිසා අධිකරණය ඊයේ (29 දා) එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ අදාළ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක් පැනවීමට තරම් අවශ්‍ය සාධක පෙත්සම් කරුවන් ඉදිරිපත් කර නැතිබව සඳහන් කරමින් එම පෙත්සම නිශ්ප්‍රභා කර තිබේ. ඒ අනුව මලල ක්‍රීඩා නිලවරණය නියමිත පරිදි පැවැත්වීම සඳහා අවසර දී ඇත.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය නියමිත පරිදි හෙට (30 දා) පෙ.ව. 9.00ට කොළඹ ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.