Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලිඳු - හේෂාන් ශතක ලබති

මලිඳු - හේෂාන් ශතක ලබති

ශනුක අරවින්ද - 2016 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ශතක ලබාගැනීමට කොළඹ මහානාම විදුහලේ මලිඳු මධුරංග (115) සහ හේෂාන් හෙට්ටිආරච්චි (102) සමත් වූහ. කොළඹදී පැවැති මෙම තරගයෙන් මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.

පන්දු 106 කදී වාර්තා වූ නායක මලිඳු මධුරංගගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 113 කදී වාර්තා වූ හේෂාන් හෙට්ටිආරච්චිගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

කොළඹ මහානාම විදුහල පළමු ඉනිම -  ඕවර 89 කදී සියලූ දෙනා දැවී 398
(මලිඳු මධුරංග 115, හේෂාන් හෙට්ටිආරච්චි 102, කවිඳු මුණසිංහ 53, ගනිත් සංදීප 51/3, අභිෂේක් පෙරේරා 41/2)

කොළඹ රාජකීය විදුහල පළමු ඉනිම -  ඕවර 73.2 කදී සියලූ දෙනා දැවී 233
(රොනුක ජයවර්ධන 95, හේලිත විතානගේ 43, ගනිත් සංදීප 26, හෂාන් සංදීප 65/3, මහේල ද සිල්වා 22/2, විහන් මුදලිගේ 39/2)

කොළඹ රාජකීය විදුහල දෙවැනි ඉනිම -  ඕවර 11 කදී කඩුලූ 3 ක් දැවී 45
(ගයාන් දිසානායක නොදැවී 24, හෂාන් සංදීප 13/3)

-036

 


අදහස් (0)

මලිඳු - හේෂාන් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.