නුවර එළියේදී පැවැති මර්සිඞීස් බෙන්ස් කුසලාන ගොල්ෆ් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය ජයගැනීමට මේජර් ජනරාල් ශ්‍රීනාත් රාජපක්ෂ සමත් විය. මර්සිඞීස් බෙන්ස් මෝටර් රථ සහ ජීප් රථ හිමිකරුවන් පමණක් සහභාගී වූ මෙම තරගාවලිය ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’ ලෙස කාණ්ඩ 4 කින් සමන්විත විය.
කේසර් ප‍්‍රනාන්දු (බී කාණ්ඩය), එස්. ජගදීස්වරන් (සී කාණ්ඩය) සහ සුනීතා සෙල්වරත්නම් (ඞී කාණ්ඩය) සෙසු කාණ්ඩයන්හි ජයග‍්‍රාහකයෝ වූහ.
මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ලබන (අගෝස්තු) මාසයේදී පැවැත්වෙන මර්සිඞීස් බෙන්ස් ආසියානු කුසලාන ගොල්ෆ් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාවද හිමිවේ.
ආරාධිත අමුත්තන් සහ ජයග‍්‍රාහකයන් වන (වමේ සිට) ගනනාත් පණ්ඩිතගේ, කි‍්‍රස්ටෝපර් ඩයස්, මංගල නියරපොළ, එස්. ජගදීස්වරන්, ලෝහිත සමරවික‍්‍රම, අනිල් අමරසූරිය, රංජිත් පණ්ඩිතගේ, කේසර් ප‍්‍රනාන්දු, මේජර් ජෙනරාල් ශ්‍රීනාත් රාජපක්ෂ, නිමල් පෙරේරා, සුනීතා සෙල්වරත්නම්, ශ්‍යාමා පෙරේරා, වරින්ද මදනායක සහ කම්ලේෂ් ජෝන්පිල්ලේ යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ සිටිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.