Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මනෙල්කගේ ශතකය ශා. පීතරට ජය ගෙනෙයි

මනෙල්කගේ ශතකය ශා. පීතරට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පැවැති 83 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති 43 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 54 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් විදුහලට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 257 ක් පමණි. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ දිනෙත් මඳුරවල ලකුණු 73 ක් රැස්කිරීමට සමත් වුවද, ශාන්ත ජෝෂප් විදුහල ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට මනෙල්ක ද සිල්වා (නොදැවී 107) සමත් වූ අතර සුලක්ෂණ ප්‍රනාන්දු ලකුණු 90 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.


ශාන්ත පීතර විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 311
(මනෙල්ක ද සිල්වා නොදැවී 107, සුලක්ෂණ ප්‍රනාන්දු 90, සන්තුෂ් ගුණතිලක 31, ලක්ෂිණ රොද්‍රිගූ 23, දිනෙත් මඳුරවල 22/2, නිපුන් සමරසිංහ 58/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 257
(දිනෙත් මඳුරවල 73, හවින් පෙරේරා 47, ජෙහාන් ඩැනියෙල් 35, පහන් පෙරේරා 23, සචින් සිල්වා 55/3, මනෙල්ක ද සිල්වා 23/2, සන්තුෂ් ගුණතිලක 30/2)

 


අදහස් (0)

මනෙල්කගේ ශතකය ශා. පීතරට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.