Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මනුජ කඩුලු 100 කඩඉම පනී

මනුජ කඩුලු 100 කඩඉම පනී

editorial - 2024 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මනුජ චන්තුක අන්තර් පාසල් 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 100 ක් සම්පූර්ණ කිර තිබේ. කොළඹ කිරිමණ්ඩල මාවතේ ‘ඒස් කැපිටල්’ ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ඉනිම දෙකේදීම කඩුලු 9 ක් දවාගනිමින් මනුජ කඩුලු 100 කඩඉම පැන ගියේය. 

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් පාසල් ක්‍රිකට් වාරයකදී කඩුලු 100 කඩඉම පසුකළ සිව්වැන්නා මනුජ චන්තුකය. චන්තුකට පෙර අජිත් කුරේ, නිමේෂ් පෙරේරා සහ අමිල අපෝන්සු පාසල් ක්‍රිකට් වාරයකදී කඩුලු 100 කට වැඩියෙන් දවාගත් සෙබස්තියානුවෝ වූහ.

මුල් ඉනිමේදී ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගත් පිට දඟ පන්දු යවන්නා දෙවැනි ඉනිමේදී ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත්තේය. මනුජගේ දස්කම් හේතුවෙන් මෙම තරගයේදී මුල් ඉනිමේ ජයක් අත්කරගත් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අන්තර් පාසල් 19න් පහළ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබාගත්තේය. 

පසුගිය 21 සහ 22 දිනවලදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් කණ්ඩායම ලකුණු 173 ක් ලබාගත් නමුත් මනුජගේ පන්දු යැවීම හමුවේ වේල්ස් කුමරුවෝ ලකුණු 147 කට දැවී ගියහ. තරගයෙන් ජයගැනීම සඳහා වේල්ස් කුමරුවන්ට ලකුණු 145 ක ඉලක්කයක් ලැබුණ නමුත් තරගය නිමාවන විට වේල්ස් කුමරුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටි බැවින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

 
ශාන්ත සෙබස්තියන් - පළමු ඉනිම 173 යි
(රයාන් දසනායක 32, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 39, තරිඳු ඩිලංක 39, අදේශ් අල්මේදා 14, නවීන් ප්‍රනාන්දු 29/3, ප්‍රින්ස් ප්‍රනාන්දු 17/2, අචල පෙරේරා 75/4)

වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම 147 යි
(සචිර ඬේමියන් 30, සුවහස් ප්‍රනාන්දු 37, ඔෂාන් ද සිල්වා 22, අචල පෙරේරා 29, උනෙත් පීරිස් 12, මනුජ චන්තුක 46/5, මලින්ත සිල්වා 52/2)

ශාන්ත සෙබස්තියන් - දෙවැනි ඉනිම 118 යි
(රයන් දසනායක 26, විමත් දින්සර 53, තරුඳු ඩිලංක 10, අදේශ් අල්මේදා 11, ප්‍රින්ස් ප්‍රනාන්දු 46/6, රූසඳු සිල්වා 16/2)

වේල්ස් කුමර විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 68 යි
(ඔෂාන් ද සිල්වා 16, සුවහස් ප්‍රනාන්දු නොදැවී 32, මනුජ චන්තුක 30/4)


අදහස් (0)

මනුජ කඩුලු 100 කඩඉම පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.