Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මන්දගාමී පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට දඩ පනවයි

මන්දගාමී පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට දඩ පනවයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (06) සිම්බාබ්වේට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලයට ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීමට දඬුවම් ලෙස දඬයක් පැනවීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරග මුදලින් 20% ක ද, සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් 10% බැගින් ද දඬයක් පැනවීමට නියමිත බව වාර්තා වේ.

නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ඕවරයක ප්‍රමාදයක් ඇති බව තරග තීරකවරයා දැනුම්දී ඇති බවත් එයට දඬයක් පැනවනු ඇති බවත්ය.

සිම්බාබ්වේ ඉනිම පස්වරු 1.15 ට අවසන් වීමට නියමිතව තිබුණ ද ඉනිම අවසන් වූයේ පස්වරු 1.39 ටය. ඒ අනුව ශ්‍රී ලංකා පිල මිනිත්තු 24 ක් කාලයක් වැඩියෙන් ලබාගෙන තිබේ.


අදහස් (0)

මන්දගාමී පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට දඩ පනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.