ශ්රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (IV කාණ්ඩයේ) යොනෙක්ස් සන්රයිස් බැඞ්මින්ටන් තරගාවලියේ අද (5 වැනිදා) පැවැති පළමු වටයේ කාන්තා කේවල තරග වලින් ජය ලැබීමට මධුෂිකා බේරුවලගේ සහ තිළිණි හෙන්දහේවා යන ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
ඊයේ (4 වැනිදා) පැවැති සුදුසුකම් ලබාගැනීමේ තරග වලින් ජය ලබා කාන්තා කේවල තරගාවලියට සහභාගීවූ මධුෂිකා බේරුවලගේ, තරග වට 2-1 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩිකා මෝහිතා හසදේව් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර තිළිණි හෙන්දහේවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-1 ක් ලෙස චීන තායිපේ කී‍්‍රඩාකා සූ යූ චෙන් පරාජය කරමිනි.
හෙට (6 වැනිදා) පැවැත්වෙන තරගාවලියේ දෙවැනි වටයේ තරග වලදී මධුෂිකා බේරුවල සිංගප්පූරු කී‍්‍රඩිකා ජියයුවාන් චෙන් සමගද, තිළිණි හෙන්දහේවා මලයාසියානු කී‍්‍රඩිකා සනතාසා සනිරු සමගද තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අනෙක් කී‍්‍රඩිකාව වූ අචිනි රත්නසිරිට, සිංගප්පූරු කී‍්‍රඩිකා ජියයුවාන් චෙන් හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
තරගාවලියට සහභාගී වූ පිරිමි යුගල කණ්ඩායම් 3 න් 2 කට අද තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවූ අතර දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් හසිත චානක සහ කසුන් මධුසංකගෙන් සමන්විත කණ්ඩායම හෙට දිනයේදී ඉන්දීය කී‍්‍රඩකයන් වන ජෙරී චෝප්රා සහ අක්ෂය දේවල්කාර්ගෙන් සමන්විත කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා යුගල කණ්ඩායම් 11 ක් තරගාවලියට සහභාගීවූ අතර අද පැවැති තරග වලදී ලැබූ පරාජයන් හේතුවෙන් එම කණ්ඩායම් 11 ම තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවිය.
කාන්තා කේවල පළමු වටයේ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් සහභාගීවූ තරග වල ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.