ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (20 වැනිදා) අවසන්වූ තරගයකදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 167 ක ජයක් හිමිකර ගැනිමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය.
උතුරු පළාත් පළමු ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 6 ක් දවාගැනීමට මොහොමඞ් ශිරාස් ද උතුරු පළාත් දෙවැනි ඉනිමේදී ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විමට ළහිරු සමරකෝන් ද සමත් වූහ. ළහිරු සමරකෝන් ඉනිම දෙකෙහිදීම ලකුණු 44 කට කඩුලු 8 ක් දවාගත්තේය.
පිත්තෙන් දස්කම් දැක්වූ මධ්‍යම පළාත් කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත ශතකයක්ද (137) වනිඳු හසරංග (67) සහ නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 53) අර්ධ ශතක ලබාගනිමින් ජයග්‍රහණය සදහා අඩිතාලම දැමූහ.
උතුරු පළාත - පළමු ඉනිම - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී 93
(වයි. කජනාත් නොදැවී 28, රිසිත් උපමාල් 22, මොහොමඞ් ශිරාස් 40/6, ළහිරු සමරකෝන් 22/3)
මධ්‍යම පළාත - පළමු ඉනිම - ඕවර 58.4 කදී කඩුලු 7 ක් දැවී 368
(රොන් චන්ද්‍රගුප්ත 137, වනිඳු හසරංග 67, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 53, ඩිලාන් ජයලත් 40, නිමේෂ ගුණසිංහ 26, තිලාන් නිමේෂ් 75/2)
උතුරු පළාත - දෙවැනි ඉනිම - ඕවර 30.2 කදී සියලුදෙනා දැවී 108
(වී.ජතුෂාන් නොදැවී 23, ළහිරු සමරකෝන් 22/5, ලක්ෂාන් ප්‍රනාන්දු 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.