Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම - දකුණ පෙරමුණ ගනිති

මධ්‍යම - දකුණ පෙරමුණ ගනිති

ශනුක අරවින්ද - 2017 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතිය නිමාවන විට ප්‍රසාද ලකුණු 33.825 ක් ලබා සිටින මධ්‍යම පළාත් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේත්, ප්‍රසාද ලකුණු 35.230 ක් ලබා සිටින දකුණු පළාත් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේත් පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

එහිදී මධ්‍යම පළාත් කණ්ඩායම තරග 3 කට සහභාගි වී ඉන් තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී ඉතිරි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර දකුණු පළාත් කණ්ඩායම තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගැනීමට සමත්ව තිබේ.

ඉකුත් සති අන්තයේදී පැවැති තරග දෙකකදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 167 ක ජයක් අත්කරගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් වූ අතර බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට උතුරු මැද පළාත් කණ්ඩායම සමත් විය.

එම සති අන්තයේදීම පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයකදී බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.

එම තරග වලදී දකුණු පළාත් කණ්ඩායමේ සිතාර ගිම්හාන (101), චරිත් අසලංක (100), උතුරු මැද පළාත් කණ්ඩායමේ දිනෙත් හේවාතන්ත්‍රී (136) සහ මධ්‍යම පළාත් කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (137) ශතක ලබාගත්හ.

උතුරු පළාත් කණ්ඩායමේ ළහිරු සමරකෝන් සහ බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමේ අදීෂ තිංචන කඩුලු 5 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඒ’ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ ප්‍ර.ල. 
මධ්‍යම පළාත 3 1 1 1 33.825
බස්නාහිර පළාත (මධ්‍යම) 3 1 0 2 25.405
උතුරු මැද පළාත 2 0 0 2 24.35
වයඹ පළාත 2 1 0 1 21.245
උතුරු පළාත 2 0 2 0 4.76
‘බී’ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ වි. නැ ප්‍ර. ල.
දකුණු පළාත 2 2 0 0 35.23
බස්නාහිර පළාත (උතුර) 2 2 0 0 34.605
බස්නාහිර පළාත (දකුණ) 3 1 2 0 22.135
නැගෙනහිර පළාත 3 0 2 1 9.295
ඌව පළාත 2 0 1 1 5.235

 

-036

 


අදහස් (0)

මධ්‍යම - දකුණ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.