Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බොනිපස්ගේ තනතුර අර්බුදයක් මවයි

බොනිපස්ගේ තනතුර අර්බුදයක් මවයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේදී අතුරුදන්වී යළිත් වසර ගණනාවකට පසුව ශී‍්‍ර ලංකාවේ පාපැදි කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයට එක්ව සිටින හිටපු ජාතික පාපැදි පුහුණුකරු බොනිපස් පෙරේරා ගම්පහ  දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ උප සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එහි පාර්ශ්වයක් දරන බව කියන උත්සහයක් නිසා මේ වන විට එම සංගමයේ අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත් එහි සභාපති සුමිත් බාලසූරිය මහතා බොනිෆස් පෙරේරා මහතාට සහයෝගය දැක්වීම නිසා තවදුරටත් ඔහු ආරක්‍ෂා වී සිටින බවත් ඊට විරෝධය පළ කරන සංගමයේ නිලධාරීන් කීප දෙනකු බාලසූරිය මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවට ප‍්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

හිටපු නමගිය පාපැදි ශූරයකු වන බොනිපස් පෙරේරා මහතා 1994 ජපානයේ පැවැති ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී අතුරුදන් වූයේ ඊට සහභාගිවී සිටි ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ පුහුණුකරු ලෙස එම සංචාරයට එක්ව සිටියදීය.

එයින් වසර 12 කට පසුව දිවයිනට පැමිණ ඔහු පසුගිය වසර කීපයේදී ප‍්‍රවීණයන්ගේ පාපැදි තරග කීපයකටද සහභාගි විය. මේ වන විට ප‍්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ උප සභාපති ධුරයක්ද  දරන පෙරේරා මහතා එහි දී ප‍්‍රකාශ කළේ ජපානයේදී අතුරුදන් වීම සම්බන්ධයෙන් තමන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට  කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කටයුතු කළ බවයි.

ඒ අනුව තමන් පාපැදි සමාජයක් ආරම්භ කළ බවද ඔහු පැවැසීය.

කී‍්‍රඩා ඇමැතිවරයා පෙරේරා මහතාගේ තහනම ඉවත් කළ බවට කරුණු සනාථ වී නොමැති බැවින් ඔහු ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංගමයෙන් ඉවත් කළ යුතු බවට එහි නිලධාරීන් පිරිසක් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම යෝජනාවට ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ සභාපති සුමිත් බාලසූරිය මහතා තරයේ විරෝධය පළ කිරීමෙන් මේ වන විට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. බාලසූරිය මහතා‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවැසුවේ මෙම සිද්ධියේදී  ඇතැම් පාපැදි ප‍්‍රවීණයන්ගේ හැසිරීම ගැන ලැජ්ජාවට පත්වන බවයි.

බොනිපස්ට තනතුරු දුන් අයම අද ඔහු එළවන්න හදනවා. ඔහුගේ තහනම ඉවත් කිරීම ගැන සමහරු අද ප‍්‍රශ්න කරනවා. මම ඔවුන්ගෙන් අහන්නෙ ඔහු තහනම් කළ බවට තිබෙන සාක්‍ෂි මොනවද කියලයි.

බොනිපස් පෙරේරාා මහතාගේ සමකාලීනයෙකු වන හිටපු පාපැදි ශූර ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංමයේ හිටපු ලේකම් ලෙස්ලි රූපසිංහ මහතා ‘ලංකාදීපය’යට පැවසුවේ බොනිපස් පෙරේරා මහතා සිය තහනම කී‍්‍රඩා ඇමැතිවරයා ඉවත්කළ බවට කර තිබෙන ප‍්‍රකාශය ඔහුට සනාථ කළ හැකි නම් මෙම ප‍්‍රශ්නය විසඳා ගත හැකි බවයි.

”බොනිපස් පෙරේරා මහතාට බාධා කරන්න අපිත් කැමැති නෑ. අපිත් කැමති මේ ප‍්‍රශ්නයෙන් ඔහු ගලවා ගන්නයි”

”තමන්ගේ තහනම කී‍්‍රඩා  ඇමැතිවරයා ඉවත් කළා නම් ඒක සනාථ කරලා පෙන්වන්න කියලා අපි ඔහුට කියනවා. නමුත් අපි මේ ගැන කී‍්‍රඩා ඇමැතිවරයානේ ඇහුවම එහෙම දෙයක් ගැන තමන් දන්නෙ නැති බව ඇමැතිවරයා කිව්වා.” යැයිද රූපසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

‘ලංකාදීප’ය කළ විමසුමකදී බොනිපස් පෙරේරා මහතා පැවසුවේ කී‍්‍රඩා ඇමැතිවරයාගේ උපදෙස් පරිදි තමාගේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා යැවූ ෆැක්ස් පණිවුඩයට ඇමැතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් දක්වමින් තමන්ට පාපැදි කී‍්‍රඩා කටයුතුවල නියලෙන ලෙස උපදෙස් දුන් බවයි.

 

●●●

 


අදහස් (0)

බොනිපස්ගේ තනතුර අර්බුදයක් මවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.