Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බොක්සිං පුහුණු පාඨමාලාව 27 දා සිට

බොක්සිං පුහුණු පාඨමාලාව 27 දා සිට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික බොක්සිං සංගමය හඳුන්වාදී තිබෙන බොක්සිං පුහුණුකරුවන්ගේ නවතම පුහුණු පාඨමාලාවට සහභාගීකරවීම සඳහා ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් ජාතික මට්ටමේ පුහුණුකරුවන් 25 දෙනකු තෝරාගනු ලැබ තිබේ.

මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා මාස් ස්ලිම්යින් බොක්සිං කී‍්‍රඩාගරයේදී පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවෙන් අනතුරුව තරු 1, තරු 2, තරු 3 ලෙස කාණ්ඩ 3 කින් පුහුණුකරුවන් වර්ගීකරණය කෙරේ. පාඨමාලාව අවසානයේ ඊට සහභාගීවූ පුහුණුකරුවන් 25 දෙනා ලිඛිත පරීක්ෂණයටද පෙනී සිටිය යුතුය.

අන්තර්ජාතික ද්වන්ධ සටන් සහ සම්මේලන මට්ටමේ පුහුණුකරුවන් සඳහා තරු 1 ද, මහාද්වීපික මට්ටමේ පුහුණුකරුවන් සඳහා තරු 2 ද අන්තර්ජාතික මට්ටමේ පුහුණුකරුවන් සඳහා තරු 3 ද පිරිනැමේ.

අන්තර්ජාතික බොක්සිං සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක සහ එක්සත් ජනපදයේ ඔලිම්පික් පුහුණුකාරියක වන කි‍්‍රස්ටි හෙල්බට් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම පාඨමාලාව මෙහෙයවීමට නියමිතය.

මෙම පාඨමාලාව පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා බොක්සිං පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපති හර්ෂ කුමාර මහතා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ පුහුණුකරුවන්ට ජාත්‍යන්තර මට්ටම කරා ලගාවීමට මහඟු අවස්ථාවක් බවයි.

036


අදහස් (0)

බොක්සිං පුහුණු පාඨමාලාව 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.