Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බේස්බෝල් ශූරතාව රණබිම රාජකීය විද්‍යාලයට

බේස්බෝල් ශූරතාව රණබිම රාජකීය විද්‍යාලයට

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මධ්‍යම පළාත් බේස්බෝල් සංගමය සංවිධානය කළ වයස 17 න් පහළ පාසල් බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රණබිම රාජකීය විද්‍යාලය සමත්විය.

ඉනිම 06 ක් පුරා පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 21-17 ක් ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

රණබිම රාජකීය විද්‍යාලයේ බිමල් පේ‍්‍රමවර්ධන තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.

දක්ෂතම පිතිකරු ලෙස රණබිම රාජකීය විද්‍යාලයේ මධුෂාන් කුලසේකරත්, දක්ෂතම පන්දු යවන්නා ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එරංග ධර්මරත්නත් සම්මාන හිමිකරගත් අතර දක්ෂතම පන්දු රකින්නා ලෙස දඹුල්ල වෑවල විද්‍යාලයේ ළහිරු ප‍්‍රසාද් විජේරත්න සම්මාන හිමිකර ගත්තේය. ධර්මරාජ විද්‍යාලයේ ලක්ෂාන් හේරත් දක්ෂතම පිරිනැමීම් රකින්නා බවට පත්විය.

රණබිම රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට මහනුවර කිංස්වුඞ්, ධර්මරාජ, ති‍්‍රත්ව, රණබිම රාජකීය, දඹුල්ල වෑවල සහ පොරමඩුල්ල යන විදුහල් සහභාගි විය.

මධ්‍යම පළාත් බේස්බෝල් සංගමයේ සභාපති වීරසිරි විතානගේ, උප සභාපති කර්නල් කීර්ති විජේරත්න, ලේකම් තුෂාන් කුළතුංග ඇතුළු නිලධාරීහු පිරිසක් තරගාවලියේ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.


අදහස් (1)

බේස්බෝල් ශූරතාව රණබිම රාජකීය විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.