දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන බේස්බෝල් ලීග් තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට රණබිම රාජකීය, ආදී රාජකීය, යුද හමුදා සහ නාවික හමුදා කී‍්‍රඩා සමාජ සමත්වී ඇත.
තරගාවලියේ පළමු වටයේ තරග ඉකුත් 15 වැනිදා අවසන්වූ අතර තරග 6 කින් සමන්විත එහි අවසන් වටය මේ මස 26 වැනිදා ආරම්භවේ.
අවසන් වටයේ තරග කාලසටහන
පළමු තරගය - ජනවාරි 26 වැනිදා - රණබිම රාජකීය කී‍්‍රඩා සමාජය සහ ආදි රාජකීය කී‍්‍රඩා සමාජය අතර
දෙවැනි තරගය - පෙබරවාරි 2 වැනිදා - යුද හමුදාව සහ නාවික හමුදාව අතර
තෙවැනි තරගය - පෙබරවාරි 4 වැනිදා - රණබිම රාජකීය කී‍්‍රඩා සමාජය සහ යුද හමුදාව අතර
සිව්වැනි තරගය - පෙබරවාරි 9 වැනිදා - නාවික හමුදාව සහ ආදි රාජකීය කී‍්‍රඩා සමාජය අතර
පස්වැනි තරගය - පෙබරවාරි 14 වැනිදා - යුද හමුදාව සහ ආදි රාජකීය කී‍්‍රඩා සමාජය අතර
හයවැනි තරගය - පෙබරවාරි 16 වැනිදා - රණබිම රාජකීය කී‍්‍රඩා සමාජය සහ නාවික හමුදාව අතර
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.