Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෙල්ජියම ගෝල 1-0 කින් ක්‍රොයේෂියාව පරදවයි

බෙල්ජියම ගෝල 1-0 කින් ක්‍රොයේෂියාව පරදවයි

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියට සහභාගී වීමට නියමිත ප්‍රබල රටවල් දෙකක් වන බෙල්ජියම සහ ක්‍රොයේෂියාව අතර ඊයේ (6 වැනිදා) පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම්වලට අනුව බෙල්ජියම අංක එකේ රැදී සිටින අතර ක්‍රොයේෂියාව 14 වැනි ස්ථානයේ පසුවේ.

යූරෝ පාපන්දු තරගාවලියට පෙරහුරුවක් ලබාගැනීම සඳහා බෙල්ජියම සහභාගි වූ අවසන් ‍සුහද තරගය මෙය වූ අතර එහි 38 වැනි විනාඩියේදී රොමේලු ලුකාකු තරගයේ එකම සහ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. ජේසන් ‍ඩිනායර්ගේ පන්දු යොමුකිරීමක් මගින් තමා වෙත පැමිණි පන්දුව දැල රකින්නා පසුකර දැල තුළට යොමු කිරීමට ලුකාකූ එහිදී සමත් විය.

‘බී’ කාණ්ඩය යටතේ තරග වදින බෙල්ජියම, මේ මස 12 වැනිදා රුසියාවට එරෙහිව මෙවර යූරෝ පාපන්දු තරගාවලියේදී සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය. ඉන් අනතුරුව 17 වැනිදා ඩෙන්මාර්කයට එරෙහිවද, 21 වැනිදා ෆින්ලන්තයට එරෙහිවද බෙල්ජියම තරග බිමට පිවිසෙනු ඇත.

‘ඩී’ කාණ්ඩය යටතේ මෙවර යූරෝ පාපන්දු තරගාවලියට එක්ව සිටින ක්‍රෙයේෂියාව, මේ මස 13 වැනිදා ප්‍රබල කණ්ඩායමක් වන එංගලන්තයට එරෙහිව තරග වදින අතර ඉන් අනතුරුව 18 වැනිදා චෙක් ජනරජයට එරෙහිවද, 23 වැනිදා ‍ස්කොට්ලන්තයට එරෙහිවද ක්‍රොයේෂියාව තරග බිමට පිවිසීමට නියමිතය.

මේ අතර ඊයේ පැවැති තවත් සුහද තරග කිහිපයකදී ‍ජය වාර්තා කිරීමට යූරෝ පාපන්දු තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටින රටවල් වන එංගලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය සමත් වූහ. එහිදී ගෝල 1-0 ක් ලෙස එංගලන්තය හමුවේ රුමේනියාවද, ගෝල 1-0 ක් ලෙස ස්කොට්ලන්තය හමුවේ ලක්සම්බර්ග් රාජ්‍යයද, ගෝල 3-0 ක් ලෙස නෙදර්ලන්තය හමුවේ ජෝර්ජියාවද පරාජයට පත්වූහ.

-036 


අදහස් (0)

බෙල්ජියම ගෝල 1-0 කින් ක්‍රොයේෂියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.