Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බී.පී.එල්. අවසන් වටය හෙට ඇරඹෙයි

බී.පී.එල්. අවසන් වටය හෙට ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටය සඳහා කොමිලා වික්ටෝරියන්ස්, ඩකා ඩයිනමයිට්ස්, කුල්නා ටයිටන්ස් සහ රාංපූර් රයිඩර්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබාගත්හ. මෙම කණ්ඩායම් අතුරින් කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

මුලික වටයේ තරග 42 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයට සහභාගි වීමට නියමිතය.

එම තරගය හෙට (8 වැනිදා) ඩකාහිදී පැවැත්වෙන අතර ඉන් ජයගන්නා කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනියි. පරාජය වන කණ්ඩායමද තරගාවලියෙන් ඉවතට විසිනොවන අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔවුන්ට තවත් අවස්ථාවක් හිමිවේ.

අවසන් වටයේ තවත් තරගයක් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවන කුල්නා ටයිටන්ස් සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වේ.

පරාජිතයන් ඉවත් කිරීමේ තරගයක් ලෙස පැවැත්වෙන එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේදී තරග වැදිය යුතුය.

මූලික වටයේ තරග වලදී වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායමේ රවී බොපාරා සමත්ව සිටියි. තරග 12 කදී අර්ධ ශතක 2 ක් සමගින් ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 365 කි. ඔහු මෙතෙක් රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 59 යි.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ නායක සකීබ් අල් හසන් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 11 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 19 කි. මෙතෙක් ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ රාංපූර් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගැනීමයි.


මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන


- 036

 


අදහස් (0)

බී.පී.එල්. අවසන් වටය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.