Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන නැගෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ. දෙසැම්බර් මස 13 වැනිදා සිට දෙසැම්බර් මස 18 දක්වා මඩකලපුවේදී පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මස 2 වැනිදායින් අවසන් වේ.

සමස්ත ලංකා ශේණිගත කිරීමේ තරගාවලියක් ලෙස කනිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකකින් තරග පැවැත්වෙන මෙම ශූරතාවලියට කනිෂ්ට අංශය යටතේ අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ බාලක කේවල, බාලක යුගල, බාලිකා කේවල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වේ.

අවුරුදු 30 න් ඉහළ, 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ සහ 70 න් ඉහළ වශයෙන් ජ්‍යෙෂ්ඨ අංශය යටතේ පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්වේ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග, සහතික පත් සමග කුසලාන පිරිනැමෙන අතර අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. 077-6078706 දුරකතන අංකය ඔස්සේ තරගාවලි අධ්‍යක්ෂ අලියාර් ෆයිසර් මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.

-036


අදහස් (0)

බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.