Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඩ්මින්ටන් තරගාවලියට අයදුම්පත් පත් කැඳවයි

බැඩ්මින්ටන් තරගාවලියට අයදුම්පත් පත් කැඳවයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය මගින් 30 වැනි වරටත් සංවිධානය කරන වෙළඳ සේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 24 වැනිදා සිට දෙසැම්බර් මස 1 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

තරගාවලියේ පිරිමි තරග ඒ, බී, සී, ඞී, ඊ, එෆ්, ජී සහ එච් යන කාණ්ඩ 8 යටතේ පැවැත්වෙන අතර කාන්තා  තරග ඒ, බී, සී, ඞී සහ ඊ යන කාණ්ඩ 5 යටතේ පැවැත්වේ.

අවුරුදු 40 න් ඉහළ ජේෂ්ඨ පිරිමි සහ අවුරුදු 35 න් ඉහළ ජ්‍යෙෂ්ඨ කාන්තා යන කාණ්ඩ 2 සඳහාද මෙහිදී තරග පැවැත්වේ.

වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමයට අනුබද්ධ කී‍්‍රඩා සංවිධාන නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගී විය හැක.

ඩියුලක්ස් සමාගම මෙවරද තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරන අතර ඔවුන් මේ වන විට 15 වරක් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස කටයුතු කර තිබේ.
තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, තම අයැදුම්පත් මේ මස 10 වැනිදාට පෙර තරග ලේකම්, වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමය, ජයලත් ගොඩනැගිල්ල, අංක 65/1, දෙවන මහල, නාවල පාර, නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති, රොෂාන් ප‍්‍රනාන්දු මහතා (0772-442432) ඇමතීමෙන් ලබා ගත හැක.


අදහස් (0)

බැඩ්මින්ටන් තරගාවලියට අයදුම්පත් පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.