Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඞ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

බැඞ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සහ වයඹ පළාත් බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන වයඹ පළාත් විවෘත බැඞ්මින්ටන් තරගාවලිය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා කුරුණෑගල නගර සභා ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී පැවැත්වේ.

මෙම තරගාවෙලියේදී වයස 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගළ යන අංශ දෙකෙන්ම බාලක බාලිකාවන් සඳහා තරග පැවැත්වේ.

ඊට අමතරව මෙහිදී වයස 19 න් ඉහළ 24 න් පහළ කේවල කාන්තා සහ පිරිමි ආදි වශයෙන් තරග පැවැත්වෙන අතර වයස් කාණ්ඩ තරගද සමගින් තරගාවලියේ සම්පූර්ණ තරග ඉසව් සංඛ්‍යාව 33 කි.

තරගාවලියට අදාල අයදුම් පත් ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයෙන් හෝ ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියෙන් www.srilankabadminton.lk   ලබා ගත හැක. අයදුම්පත් භාර ගැනීම මේ මස 18 වැනිදායින් අවසන් වේ.

- 036

 


අදහස් (0)

බැඞ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.