Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාලිකා පාපන්දු පිල බංග්ලාදේශයට

බාලිකා පාපන්දු පිල බංග්ලාදේශයට

editorial - 2021 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඩකා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු වයස 18න් පහළ යොවුන් කාන්තා කණ්ඩායම.

(නාමල් පතිරගේ)

බංග්ලාදේයේ ‘ඩකා’ නුවරදී අනිද්දා  (11) ආරම්භ වන සාෆ් ශූරතා පාපන්දු වයස 19න් පහළ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව අද භූතානයට එරෙහිව සිය පළමු තරගයට සහභාගි වේ.

ඒ සඳහා කොළඹ විශාඛා විදුහලේ ශිෂ්‍ය ඩබ්ලිව්.එම්.කේ. ඉමේෂාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන්  සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් එහි ගොස් සිටියි.

 පුහුණුකරුවන් ඇතුළු පරිවාර නිලධාරීන් හා නිලධාරිනියන් නව දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්ද එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව සිටියි.

වසර 2018 තිම්පු නුවරදී පැවති අවසන් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වී නැත. ඒ අනුව තරගාවලියේ ශ්‍රී ලංකාවේ හැසිරීම නිරීක්ෂණය වන්නේ වසර තුනකට  පසුවය.

ශ්‍රී ලංකා සංචිතය  සැළකීමේදී පිට පළාත් පාසල් ක්‍රීඩිකාවන් බහුතරයක් එහි නියෝජනය ලබා සිටීම කැපී පෙනේ. එහිදී කුරුණෑගල මලියදේව බාලිකා  විදුහලෙන් ක්‍රීඩිකාවෝ පස් දෙනකු නිර්දේශ වී සිටිති.

යාපනය මහජන විදුහලෙන් ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුත්, පොළොන්නරුව බැඳිවැව විදුහලෙන් ක්‍රීඩිකාවන් තිදෙනකුත් සංචාරක ශ්‍රී ලංකා සංචිතයට නිර්දේශ වී තිබේ.

පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් පුරා අඩපණව  තිබූ දේශීය කාන්තා පාපන්දු ප්‍රවර්ධන කටයුතු මෙතැන් සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාන්තා සංවර්ධන කමිටුවේ බලලත් නිලධාරිනී ඔලිවියා ගමගේ  මහත්මිය මෙම තරග සංචාරය ගැන අදහස් දක්වමින් ලංකාදීපයට පැවසුවාය.

මංජුල සිරිසේන මහතා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවායි. කොළඹ සොන්න්ඩර්ස් ක්‍රීඩා  සමාජයේ  පුහුණුකරුවකු වන ඔහු මීට පෙරත් ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු තරග සංචාර  කීපයකදීම කණ්ඩායම් පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ.

මෙම 22 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයෙන් තරගාවලිය නිමාවට පත්වේ. මූලික  වටයට සහභාගි වන රටවල් පහ අතරින් වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් දෙදෙනා අවසන් මහ තරගයෙන් තරගාවලිය නිමාවට පත්වේ. මූලික  වටයට සහභාගී වන රටවල් පහ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් දෙදෙනා අවසන් මහ තරගයට නිර්දේශ වේ.

මූලික වටයේදී ශ්‍රී ලංකාව ලබන සඳුදා (13) ඉන්දියාවට එරෙහිවද බදාදා (15) නේපාලයට එරෙහිවද 19 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද සිය  ඉතිරි තරග සඳහා සහභාගිවීමට නියමිතය.
පසුගිය (2018) තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ බංග්ලාදේශය විසිනි. අනුශූරතාව ලබාගත් නේපාලය ගෝල 1-0ක පරාජය කිරීමට බංගලාදේශ ක්‍රීඩිකාවෝ එහිදී සමත් වූහ.

එම තරගාවලියේදී ශූරතාලාභී බංග්ලාදේශ මූලික වටයේ  තරගයකදී ගෝල 17-0ක වාර්තා ගත ජයක් පාකිස්තානයට එරෙහිව වාර්තා කළේය. ජගත් සොන්නා එයින් ගෝල හයක්ම ලැබුවාය.
2021 සාෆ් ශූරතා පාපන්දු  වයස 18න් පහළ යොවුන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඩබ්ලිව්.එම්.කේ. ඉමේෂා (නායිකා-කොළඹ විශාඛා විදුහල), පී.එම්. ඒකනායක, සුභාෂි මධුෂානි, ඕ.එස්. බණ්ඩාර, එච්.බී. හුනුකුඹුර, විශ්මිතා බණ්ඩාර (කුරුණෑගල මාලියදේව බාලිකා විදුහල), යූ.කේ. ජයකොඩි (කුරුණෑගල කාවන්තිස්ස ක්‍රීඩා සමාජය), තරින්දි ජානිත්‍යා (කිරිබත්ගොඩ විහාරමහදේවි බාලිකා විදුහල), හෂිනි කෞෂල්‍යා (කළුතර ශාන්ත ජෝන් විදුහල), තරින්දි රන්ෂානි (ගම්පහ ජයකොඩි ම.වි.), යූ. ජොකිතා, ආර්.තිරුෂාන්තනී, එම්. වැලන්ටීනා, එස්. තර්මිකා (යාපනය මහජන විදුහල), ඉරොෂිනී සෙවේමාලි, සෙනුරි කාවින්‍යා ගාල්ලගේ (අම්බලන්ගොඩ ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල), මලිකා අමිත් (කොළඹ ගේට්වේ), නිමේෂා සඳරුවනි, රශ්මි කවිෂා, දුලානි සංදීපනී (පොලොන්නරුව බැඳිවැව මහ විදුහල), සඳුනි නිසන්සලා (ගම්පහ ශාන්ත ජෝශප් විදුහල), ඩබ්ලිව්. එස්. බණ්ඩාර (මහනුවර බණ්රනායක විදුහල), අමාවි අනුත්තරා  කහටපිටිය (වේයන්ගොඩ බණ්ඩාරනායක ම.වි.)

♦ කාර්ය මණ්ඩලය:- ප්‍රදාන පුහුණුකරු - මංජුල සිරිසේන, සහය පුහුණුකරුවන්:- ඩී.කේ. සමරසිංහ, මේනකා දිසානායක, රංජිත් හෙට්ටිආරච්චි, සම්බාහන- ගංගා ජයසුන්දර, පාසල් නියෝජිතවරිය - පී. සෙල්ලයියා කළමනාකරු හා වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්.ආර්.සී.එෆ්. ජයසූරිය  අභ්‍යාසකයන්- මාකොස් ෆෙරෙයිරා, ටෝනා තෙරෙයිරා හා නිලධාරි- හයිම්ඩින් මොහොමඩ් ෆාරුක් යන මහත්ම මහත්මීන්.

 


අදහස් (0)

බාලිකා පාපන්දු පිල බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.