Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාලිකා ශූරතා දෙකම යාපනය මෙතෝදිස්තයට

බාලිකා ශූරතා දෙකම යාපනය මෙතෝදිස්තයට

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය දිස්ති‍්‍රක් අන්තර් පාසල් කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ 15 න් පහළ සහ 19 න් පහළ ශූරතා ද්විත්වයම දිනාගැනීමට යාපනය මෙතෝදිස්ත උසස් බාලිකා විදුහල් කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති තරගාවලිය 15 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක, බාලිකා අංශ දෙකෙන් පැවැත්විණ.

15 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී වෙම්බෙඩි උසස් බාලිකා විදුහල් කී‍්‍රඩිකාවන් පරාජය කළ යාපනය මෙතෝදිස්ත උසස් බාලිකා විදුහල් කී‍්‍රඩිකාවෝ, 19 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී යාපනය යුනියන් විදුහල් කී‍්‍රඩිකාවන් පරාජය කරමින් තරග දෙකම ජය ගත්හ.

යාපනය මධ්‍ය මහ විදුහල පරාජය කළ යාපනය අනයිකොඞ්ඩායි විදුහල 15 න් පහළ බාලක ශූරතාවට හිමිකම් කී අතර යාපනය යුනියන් විදුහල පරාජය කළ යාපනය හින්දු විදුහල 19 න් පහළ බාලක ශූරතාව දිනාගත්තේය.

යාපනය හින්දු විදුහලේ එම්. අගාශාන් 19 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත් අතර යාපනය මෙතෝදිස්ත උසස් බාලිකා විදුහලේ තාර්මිකා දර්මවරන් 19 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩිකාවට හිමි සම්මානය දිනාගත්තාය.

වයස 15 න් පහළ වයස් කාණ්ඩායේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව ලෙස පිළිවෙළින් යාපනය අනයිකොඞ්ඩායි විදුහලේ තුෂ්යන්ත රාජමෝහන් සහ යාපනය මෙතෝදිස්ත උසස් බාලිකා විදුහලේ මතුමිතා මහිලරාජන් සම්මාන ලැබූහ.

චුන්නාකම් රොටරැුක්ට් සමාජය, යාපනය දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මේසපන්දු මව් සංගමයේ ලේකම් චන්දන පෙරේරා මහතා සහභාගී විය.


අදහස් (0)

බාලිකා ශූරතා දෙකම යාපනය මෙතෝදිස්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.