
කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්)තරගාවලියේ ‘බාබඩෝස් රෝයල්ස්’ කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ.
මීට පෙර මෙම කණ්ඩායම හඳුන්වන ලද්දේ බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් වශයෙනි. බාර්බඩෝස් කණ්ඩායමේ වැඩි හිමිකාරිත්වයක් ‘රෝයල්ස් ස්පෝර්ට්ස් ගෘප්‘ වෙත හිමිවීම හේතුවෙන් බාබඩෝස් රෝයල්ස් ලෙස එහි නම සංශෝධනය කර ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ද රෝයල්ස් ස්පෝට්ස් ගෘෘප්ය. මෙම හේතුව මත රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා වන කුමාර් සංගක්කාර මහතා බාබඩෝස් කණ්ඩායමේ ද ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා පත්කර තිබේ.
අයිපිඑල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවකු සීපිඑල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායමක හිමිකාරීත්වය ලබාගත් තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා ශාන්ත ලුසියා සුක්ස් යන කණ්ඩායම්වල හිමිකාරිත්වය අයිපිඑල් කණ්ඩායම් හිමිකරුවන් හිමිකරගෙන තිබිණි.
සීපීඑල් තරගාවලිය මෙම මස 26 වැනි දා සිට සැප්තැම්බර් මස 15 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.