බදුල්ල දිස්ති‍්‍රක් පැසිපන්දු සංගමය වාර්ෂිකව සංවිධානය කරන පාසල් පැසි පන්දු තරගාවලියේ අවසන් තරගය ජයගත් ධර්මදුත මහා විද්‍යාලයීය කණ්ඩායම විසින් ශෂි වීරරත්න අභියෝගතා කුසලාන දිනාගන්නා ලදි. අනුශූරතාවය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමිවිය.
අවසන් තරගයේදී බදුල්ල ධර්මදුත මහා විද්‍යාලය විසින් ලකුණු 46-40 ක් ලෙසින් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරන ලදි. මෙම තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ තරගයේදී ලකුණු 38-11 වශයෙන් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය විසින් බදුල්ල ධර්මදුත මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරන ලදි.
විද්‍යාල දෙකේ ආදිශිෂ්‍ය කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 74-41 ක් වශයෙන් ද ධර්මදුත ආදි ශිෂ්‍ය කණ්ඩායම ජයගත්තේය. අනුශූරතාව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ආදිශිෂ්‍ය කණ්ඩායමට හිමිවිය.
බදුල්ල නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල පැසිපන්දු කී‍්‍රඩාපිටියේදී තරගාවලිය පැවත්විණ. තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය බදුල්ල ධර්මදුත මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායක මාධව කල්හාරට හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.