Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී දෙබරවැව ජාතික පාසල ලකුණු 77කින් පරාජය කිරීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
මොණරාගල පැල්වත්ත සීනි කර්මාන්ත පිටියේ පැවති මෙම තරගයේදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙමින් සියල්ලන් දැවී ලකුණු 136ක් රැස් කළේය. දෙබරවැව ජාතික පාසලට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 59 ක් පමණි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 136 යි
(ටී. එස්. වනසිංහ 33, තත්සර දයානන්ද 22/3, පසන් අකලංක 31/2)
දෙබරවැව ජාතික පාසල - ඕවර 28.5 කදී සියලු දෙනා දැවී 59 යි
(ඒ. එස්. පැහැසර 23, ටී. එස්. වනසිංහ 05/3, කේ. එච්. කොඩිතුවක්කු 21/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.