Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංගාබන්දු තරගයට යන්න බංග්ලාදේශයේ අනුග්‍රහය

බංගාබන්දු තරගයට යන්න බංග්ලාදේශයේ අනුග්‍රහය

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ‘ධකා’ නුවරදී 2024 ජනවාරි 26 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බංගාබන්දු ආරාධිත මැරතන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් තිදෙනකු බැගින් නිර්දේශ කෙරෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.

දකුණු ආසියාවේ ජනප්‍රියතම හා වැඩිම ත්‍යාග මුදල් ප්‍රදානය කෙරෙන මෙම මැරතන් තරගාවලියේ ජයග්‍රාහකයාට (පිරිමි ඉසව්ව) ඇමරිකානු ඩොලර් 15,000ක් ප්‍රදානය කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලකි. දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහාත් ඩොලර් 10,000 ක් හා 5,000ක් කාන්තා හා පිරිමි ඉසව් දෙකටම පිළිගැන්වේ.

අන්තර්ජාතික වශයෙන් මැරතන් ක්‍රීඩා ඉසව්වට ප්‍රසිද්ධ අප්‍රිකානු රටවල් හැරෙන්නට දකුණු ආසියානු රටවල් ගණනාවකින්ද මෙම මැරතන් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතය.

එහිදී දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා සත්කාරක බංග්ලාදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ මුදල් ත්‍යාග  ප්‍රදානය කිරීමටත් කටයුතු කෙරේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසන්නේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මැරතන් කණ්ඩායමට ගුවන් ප්‍රවේශපත්‍රයේ සිට  සියලු වියදම් දැරීමට සත්කාරක බංග්ලාදේශය ඉදිරිපත්ව සිටින බවයි.


අදහස් (0)

බංගාබන්දු තරගයට යන්න බංග්ලාදේශයේ අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.