Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසිය දෙවැනි වරටත් යුද හමුදාව පරදවයි

පොලිසිය දෙවැනි වරටත් යුද හමුදාව පරදවයි

editorial - 2026 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළඟ වටය යටතේ යුද හමුදාව සහ පොලිසිය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-14 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මෙවර තරගාවලියේදී පොලිසිය ලැබූ සිවුවැනි ජය මෙන්ම යුද හමුදාවට එරෙහිව වාර්තා කළ දෙවැනි ජයද මෙය විය. 

යුද හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගනය වන පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-10 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ පසුවිය. එහිදී යුද හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි. 

කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ පොලිස් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 19 ක් එක්කර ගැනීමට සමත් වූයේ යුද හමුදා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොදෙමිනි. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට පොලිසියට ලකුණු 29-14 ක පහසු ජයක් හිමිවිය. 


අදහස් (0)

පොලිසිය දෙවැනි වරටත් යුද හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.