Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතියේ තරග ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් පිටියේදී අද (14) පස්වරුවේ පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 29-12 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
පොලිස් පිල මෙවර තරගාවලියේ තරග 11 කදී ලැබූ හත්වැනි ජයග්‍රහණය මෙය වේ.
පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 29-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
රසිත් සිල්වා සිවුවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් පොලිස් පිල ලකුණු 5--0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.
කසුන් රාජකුමාර ඉන් මිනිත්තු දෙකකට පසුව පොලිස් පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළ අතර යොහාන් පීරිස් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව ලකුණු පුවරුව 12-0 ක් බවට පත්විය.
ශාන් අකිල 15 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කිරීමත් සමඟ පොලිස් තව දුරටත් ශක්තිමත් විය. යොහාන් පීරිස් එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු පුවරුව 19-0 ක් බවට පත්විය.
පොලිස් පිලට 19 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර යොහාන් පීරිස් සාර්ථක කිරීමෙන් ලකුණු තත්ත්වය 22-0 ක් බවට පත්විය.
උදය සංජුල, පොලිස් පිලට අතිරේක ප්‍රසාද ලකුණ ගෙන එමින් සිවුවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. යොහාන් පීරිස් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 29-0 ක් බවට පත්ව ගුවන් හමුදා පිල අමාරුවේ වැදුණි.
ගුවන් හමුදා පිල පළමු අර්ධයේදී ලකුණු රැස්කිරීමට අසමත් වුවද කහ කාඩ්පත් අවවාද දෙකක් ලැබීය.
ගුවන් හමුදා පිල ඉදිරියෙන් මිනිත්තු 63 ක් පැවැති බිංදුව මකා දමමින් තිමිර අතපත්තු පළමු උත්සාහක දිනුම එකතු කළේය. ඒ අනුව ලකුණු පුවරුව 29-5 ක් බවට පරිවර්ථනය විය.
ගුවන් හමුදා පිලේ ශාරක වෙරැල්ල 75 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ගයන්ත ඉද්දමල්ගොඩ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 29-12 ක් බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.