අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ හයවැනි සතියේ තරග අද (8 වැනිදා) අවසන්වූ අතර එහිදී පොලිස්, බ්ලූම්ෆීල්ඩ්, පානදුර සහ නුගේගොඩ යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගාල්ල පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට පොලිස් පිල සමත්වූ අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදි කළුතර නාගරික පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත්විය.
පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 272 ක ජයක් හිමිකර ගැනීමට පානදුර පිලත්, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මහනුවර කස්ටම්ස් පිලට එරෙහිව ලකුණු 185 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ පිලත් සමත්විය. තවත් තරගයක් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදි පැවැති තරගයේදී නාවික හමුදා පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කුරුණෑගල යොවුන් පිල සමත්විය.
බ්ලූම්ෆීල්ඩ් පිලේ නිපුන ගමගේ, කළුතර නාගරික පිලේ ගිහාන් රූපසිංහ, කුරුණෑගල යොවුන් පිලේ රංදීර රණසිංහ සහ මාලිංග මලිගස්පේ, නාවික හමුදා පිලේ තරුෂාන් ඉද්දමල්ගොඩ ශතක ලබාගනිමින් මෙම සති අන්තයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ.
බ්ලූම්ෆීල්ඩ් පිලේ ගයාන් සිරිසෝම සහ පානදුර පිලේ රොෂාන් ජයතිස්ස කඩුලු 7 බැගින් දවාගනිමින් මෙම සති අන්තයේදී ඉනිමකදී ඉහළම දක්ෂතා දැක්වූ පන්දු යවන්නන් බවට පත්වූහ. ඊට අමතරව මහනුවර කස්ටම්ස් පිලේ සචිත්‍ර පෙරේරා සහ පානදුර පිලේ චලන ද සිල්වා කඩුලු 6 බැගින්ද, බ්ලූම්ෆීල්ඩ් පිලේ චතුර ඔබේසේකර, ගුවන් හමුදා පිලේ අමිත කෞෂල්‍ය සහ නුගේගොඩ පිලේ ජලත් ඛාන් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීමට බ්ලූම්ෆීල්ඩ් පිලේ ගයාන් සිරිසෝම සමත්වූ අතර බ්ලූම්ෆීල්ඩ් පිලේ චතුර ඔබේසේකර, ගුවන් හමුදා පිලේ අමිත කෞෂල්‍ය සහ මහනුවර කස්ටම්ස් පිලේ සචිත්‍ර පෙරේරා කඩුලු 8 බැගින් දවාගැනීමට සමත්වූහ.
පොලිස් පිලට කඩුලු 6 ක ජයක්
පොලිස් සහ ගාල්ල කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 256
(දමිත හුණුකුඹුර 55, විනුර දුල්සර 49, නිමේෂ් පෙරේරා 24, රවිෂ්ක විජේසිරි 50, අකලංක ගනේගම 20, සුපුන් මධුශංක 36/3, අසෙල් සිගේරා 55/3, මහේෂ් ප්‍රියදර්ෂණ 55/2)
පොලිස් පළමු ඉනිම - සියලුදෙනා නොදැවී 195
(ලක්ෂාන් රොද්‍රිගූ 53, අසෙල් සිගේරා 26, මදුරංග සොයිසා 23, දුලාෂ් උමයංග 22, මංජුල ජයවර්ධන 27, සාරංග රාජගුරු 26/2, අකලංක ගනේගම 33/2, අබිඞ් හසන් 48/2, කවික ඩිල්ෂාන් 53/2)
ගාල්ල දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 180
(ජාකොබ් සචින් 21, විනුර දුල්සර 38, අකලංක ගනේගම 42, මංජුල ජයවර්ධන 43/4, සුපුන් මධුසංක 60/3)
පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 242
(ඒ.ඉන්දුල්කාර් 35, අසෙල් සිගේරා 92, මංජුල ජයවර්ධන නොදැවී 88)
බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 5 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් සහ කළුතර නාගරික කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පළමු ඉනිම - සියලුදෙනා දැවී 120
(ඉසුරු ප්‍රදීප් 23, මොටෂිම් අලී 28, එරංග රත්නායක 25, ගයාන් සිරිසෝම 32/7, චතුර ඔබේසේකර 35/3)
බ්ලූම්ෆීල්ඞ් පළමු ඉනිම - සියලුදෙනා දැවී 323
(නිපුන ගමගේ 128, චාමර සිල්වා 37, සමීන් කඳනආරච්චී 73, ඉෂාන් අබේසේකර 98/3, එරංග රත්නායක 107/2, හසිත නිර්මාල් 64/2)
කළුතර නාගරික දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 285
(එරංග රත්නායක 25, ගිහාන් රූපසිංහ 132, අනුෂ්ක පෙරේරා 65, චතුර ඔබේසේකර 111/5, ගයාන් සිරිසෝම 87/3)
බ්ලූම්ෆීල්ඞ් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 83
(නිමන්ත පෙරේරා 24, මදුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 28, හසිත නිර්මාල් 35/3, එරංග රත්නායක 27/2)
පානදුර පිලට ලකුණු 272 ක දැවැන්ත ජයක්
පානදුර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී
පානදුර පළමු ඉනිම - සියලුදෙනා දැවී 234
(විශ්ව චතුරංග 23, මින්හාජ් ජලීල් 90, සංජික රිද්ම 51, අමිත කෞෂල්‍ය 41/5, අරවින්ද ප්‍රේමරත්න 51/4)
ගුවන් හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 173
(රවිඳු සෙම්බුකුට්ටිගේ 20, අරවින්ද ප්‍රේමරත්න 61, මාධව නිමේෂ් 28, චාමිකර හේවගේ 20, චලන ද සිල්වා 48/6, කව්මාල් නානායක්කාර 50/2)
පානදුර දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 397
(විශ්ව චතුරංග 42, මින්හාජ් ජලීල් 94, සංජික රිද්ම 35, කාශීෆ් නවීඞ් 75, රොෂාන් ජයතිස්ස 58, අමිත කෞෂල්‍ය 109/3, රවිඳු සෙම්බුකුට්ටිගේ 13/2, ලසඳ රුක්මාල් 47/2)
ගුවන් හමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 186
(ලක්වින් වීරසූරිය 55, අරවින්ද ප්‍රේමරත්න 62, උදයවංශ පරාක්‍රම 24, රොෂාන් ජයතිස්ස 40/7)
නුගේගොඩ පිලට ලකුණු 185 ක ජයක්
නුගේගොඩ සහ මහනුවර කස්ටම්ස් කණ්ඩායම් අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ පළමු ඉනිම - සියලුදෙනා දැවී 298
(පැතුම් මධුසංක 43, ඉරෝෂ් සමරසූරිය 42, මොහොමඞ් ශිල්මි 64, ජලත් ඛාන් 75, බසිට් අලී 49, සචිත්‍ර පෙරේරා 106/6, උමේඝ චතුරංග 64/2)
මහනුවර කස්ටම්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 200
(දේව් සිං 62, චානක විජේසිංහ 44, ජලත් ඛාන් 81/5, පසිඳු මදුෂාන් 38/2, බසිත් අලී 39/2)
නුගේගොඩ දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 245
(පැතුම් මධුසංක 31, ඉරෝෂ් සමරසූරිය 42, මොහොමඞ් ශිල්මි 56, දෙනුවන් රාජකරුණා 37, අසන්ත බස්නායක 29, ලසිඳු නිම්සර 12/2, මෙතුෂාන් තිලිණ 34/2, සචිත්‍ර පෙරේරා 55/2, උමේඝ චතුරංග 76/2)
මහනුවර කස්ටම්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 158
(අකිල් ඉන්හාම් 53, චානක විජේසිංහ 21, සසිත් මනුරංග 27, චානුක ඩිල්ශාන් 50/6, ජලත් ඛාන් 78/3)
කුරුණෑගල යොවුන් පිලට පළමු ඉනිමේ ජයක්
කුරුණෑගල යොවුන් සහ නාවික හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 325
(අනුරුද්ධ රාජපක්ෂ 24, රංදීර රණසිංහ නොදැවී 138, ළහිරු ජයරත්න 80, සතික් නිමල්ෂ 96/4, ඩිලංක අවඞ් 79/3)
නාවික හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 255
(ඩබ්ලිව්. මයන්ත 38, සුපුන් ලීලාරත්න 37, තරුෂාන් ඉද්දමල්ගොඩ 108, නවීන් කවිකාර 75/4, විනෝද් පෙරේරා 31/2, සංජීව ප්‍රියදර්ශන 48/2)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 217
(මාලිංග මලිගස්පේ නොදැවී 121, තරින්ඳු විජේසිංහ 26, විනෝද් පෙරේරා 23, ඩිලංක අවඞ් 48/2, සවිඳු පිරීස් 60/2)
නාවික හමුදා දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 73
(විමුද් සප්නක 20, සුපුන් ලීලාරත්න නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.