Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරුවන්ගේ 3 වැනි අදියරේ පාඨමාලාව ඇරඹේ

පුහුණුකරුවන්ගේ 3 වැනි අදියරේ පාඨමාලාව ඇරඹේ

Nisanka Sandeepani - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් තුන්වන අදියරේ පුහුණු පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී අද (6 වැනිදා) ආරම්භ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන දින 6 ක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහනට පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වන අතර ඉන් 19 දෙනෙක්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වීම කැපී පෙනේ. රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රවින්ද්‍ර පුෂ්පකුමාර, චමිල ගමගේ, දර්ශණ ගමගේ, ජෙහාන් මුබාරක්, ගයාන් විජේකෝන්, සජීව ද සිල්වා, සජීව වීරකෝන්, නිරෝෂන් බණ්ඩාරතිලක, සමන් ජයන්ත, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සචිත් පතිරණ, තිළිණ කණ්ඩම්බි, මලින්ද වර්ණපුර සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන් ඒ අතර වේ.

මෙම වැඩසටහන ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පුහුණුකරුවන් වන සියාඞ් පාකර්, ඈෂ්ලි රෝස් සහ රෝලන්ඞ් ලෙෆ්බ්‍රේ යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලබති. එමෙන්ම වැඩසටහන මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ හේෂාන් ද මෙල් සහ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකයේ පුහුණුකරු තාරක සමරතුංග යන මහත්වරුන්ගේ දායකත්වයද හිමිවේ.

”මෙවැනි වැඩසටහන් තුලින් අපේක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංචිතයේ ගුණාත්මකභාවය තව දුරටත් ඉහල නංවා ගැනීමට බව” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේය.

මෙම වැඩසටහන දින 6 ක් පුරා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබයි.


අදහස් (0)

පුහුණුකරුවන්ගේ 3 වැනි අදියරේ පාඨමාලාව ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.