Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරු ධූරයේ වගකීම පොතාස්ටම

පුහුණුකරු ධූරයේ වගකීම පොතාස්ටම

ශනුක අරවින්ද - 2017 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් දැනට සිටින නික් පොතාස් මහතාම යොදාගැනීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාරගැනීමට මෙතෙක් කිසිවකු ඉදිරිපත් නොවීමත් ඒ සඳහා තවමත් දැන්වීමක් හෝ පළ නොකිරීමත් නිසා මේ තත්ත්වය ඇතිවී තිබේ.

ග්‍රැහැම් ෆෝඞ් මහතා ඉවත්ව යාමෙන් හිස්වූ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු තනතුරට පත්වූයේ ඒ වන විට පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් සිටි නික් පොතාස් මහතාය. එහෙත් නික් පොතාස් මහතා පන්දු රැකීමේ පුහුණුකරුවා වීමෙන් පසුව මේ වසර ඇතුළත අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් ගිළිහී ගිය උඩපන්දු සංඛ්‍යාව 60 ඉක්මවයි.

ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී් ජාතික පුහුණුකරුවා වශයෙන් පොතාස් මහතා කටයුතු කරද්දී ශ්‍රී ලංකා පිලට එකම තරගයකදී හෝ ජයගත නොහැකි විය. ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී 3-0 ක අන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය විය. අනතුරුව විස්සයි-20 තරගයත් කඩුලු 7 කින් පරාජය විය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ජය පරාජයේ අනුපාතය 9-0 කි.

 


අදහස් (0)

පුහුණුකරු ධූරයේ වගකීම පොතාස්ටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.