Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පානදුර මහනාම විද්‍යාලය ඊයේ (19 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පානදුර මහනාම විද්‍යාලයේ පුබුදු රෙශාන් (නොදැවී 121) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රවිඳු නෙත්පහන් ලකුණු 70 කට කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 74.5 කදී සියලුදෙනා දැවී ලකුණු 193
(පුබුදු රෙශාන් නොදැවී 121, හිරූෂ සංදීප 32/4, තරූෂ සඳරුවන් 59/3)
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(හිරූෂ සංදීප 31, රවිඳු නෙත්පහන් 12/4, ඩිල්ෂාන් මදුශංක 34/3)
මහනාම විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 106
(රන්දුල දසුන් 29, මිතිල පූර්ණජිත් 50/3, හිරූෂ සංදීප 10/2, අශේන් මිලින්ද 19/2)
ශා. ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 165
(නුරාජ් ප්‍රසංග 55, අශේන් මිලින්ද 35, හිරූෂ සංදීප 32, සදීශාන් චමෝද් 29, රවිඳු නෙත්පහන් 58/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.