Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පීතරයෝ යළිත් අවසන් තරගයේ

පීතරයෝ යළිත් අවසන් තරගයේ

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අද (4 වැනිදා) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගුණ - ජය - සතුට සීනිගම කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කළ කොළඹ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම හෙට (5 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

පසුගිය වසරේදී පැවැති මුරලි කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත්තේද ශාන්ත පීතර විදුහල විසිනි. කිලිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුණ - ජය - සතුට සීනිගම කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 44 ක් පමණි.

එහිදී ගුණ - ජය - සතුට සීනිගම කණ්ඩායමේ කිසිදු කී‍්‍රඩකයකු ලකුණු 10 සිමාව පසුකර යෑමට ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. ලකුණු 17 කට කඩුලූ 5 ක් දවාගනිමින් සීනිගම කණ්ඩායමේ ඉනිම වැනසූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ සහන් නානායක්කාර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ගුණ - ජය - සතුට සීනිගම කණ්ඩායම -  ඕවර 15 කදී සියලූදෙනා දැවී 44
(සහන් නානායක්කාර 17/5)

ශාන්ත පීතර විදුහල් කණ්ඩායම -  ඕවර 11.2 කදී කඩුලූ 2 ක් දැවී 48
(දිනිත් තිමිද්‍ය 18, හෂාන් උපේනද්‍ර 12)


 - 036


අදහස් (0)

පීතරයෝ යළිත් අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.