Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් ක්‍රීඩාව ප්‍රවර්ධනයට වසරකට ලක්ෂ 58 ක්

පිහිනුම් ක්‍රීඩාව ප්‍රවර්ධනයට වසරකට ලක්ෂ 58 ක්

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දේශීය පිහිනුම් ක්‍රීඩාවේ එක් අවුරුදු ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා රුපියල් 57,80,000 ක්  (ලක්ෂ 58 ක්) මුදලක් අනුමත කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

මහේල ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශයකට අනුව මෙම මුදල් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙත කොටස් වශයෙන් ප්‍රදානය ක8රීමට නියමිතය. ඒ සඳහා ජල ක්‍රීඩා සංගමය හා ක්‍රීඩා අමාත්‍යාංශය යන දෙපාර්ශවය අතර ගිවිසුමක් කොළඹ එන්.සී.සී. පිහිනුම් තටාක පරිශ්‍රයේ දී අත්සන් කෙරිණ.  ජල ක්‍රීඩා සංගමය  වෙනුවෙන් එහි වත්මන් සභාපති නේතෘෘ නානායක්කාර මහතාත්, ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාත් ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ද සහභාගි විය.

ජාතික ක්‍රීඩා සභාව හඳුනාගෙන තිබෙන පරිදි අනාගතයේ දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමේ ඉහළ ප්‍රවනතාවයක් ඇති ක්‍රීඩා ඉසව් පහක් සඳහා පසුගිය දිනවල දී මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමෙන ගිවිසුම් ඇතිකර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එහිදී වොලිබෝල් ක්‍රීඩාව සඳහා රුපියල් මිලියන 44 ක්ද ටෙනිස් හා කරාටේ ක්‍රීඩා ඉසව් සඳහා රුපියල් මිලියන 20 ක් බැගින්ද මේ වනවිට මුදල් අනුමත කර තිබේ.

- 223

 


අදහස් (0)

පිහිනුම් ක්‍රීඩාව ප්‍රවර්ධනයට වසරකට ලක්ෂ 58 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.