මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සංවිධානය කළ වයස 19 න් පහළ ‘බී’ කාණ්ඩයේ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මෝදර ඩිලාසාල් විදුහල සමත්විය.
මොරටුවේ පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 64-54 ක් ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල පරාජය කරමින් ඔවුහු ශූරතාවට හිමිකම් කීහ.
පළමු අර්ධය නිමා වන විට ලකූණු 31-21 ක් ලෙස ජෝශප් වාස් විදුහල ඉදිරියෙන් සිටියද, දෙවැනි අර්ධයේදී ඔවුන් පසුකර ගිය ඩිලාසාල් කී‍්‍රඩකයෝ තරගයේ ජය තමන් සතුකරගත්හ.
අවසන් තරගයේදී ලකුණු 33 ක් රැස්කළ ඩිලාසාල් කණ්ඩායමේ නායක අනුෂ්ක ඩිලාන් තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත් අතර එම කණ්ඩායමේ ශොහාන් ඉරෝෂන් තරගාවලියේ දක්ෂතම ආරාක්ෂාකාරී කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත්තේය. ලකුණු 29 ක් රැස්කළ ජෝශප් වාස් විදුහලේ ආර්. එස්. ප‍්‍රනාන්දු දක්ෂතම පන්දු පිරිනමන්නා බවට පත්විය.
ලකුණු 69-56 ක් ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළ මඩකලපුව ශාන්ත මිචෙල් විදුහල තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ජය ලැබීය.
වයස 19 න් පහළ ඩිලාසාල් පැසිපන්දු කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට දකුණට - අනුෂ්ක ඩිලාන් (නායක), මෙහොමඞ් ශබ්රීන් (උපදේශක), ශේලියා පි‍්‍රයමාලි (නියෝජ්‍ය විදුහල්පති), නිව්මන් මුතුතම්බි පියනම (අධ්‍යක්ෂ), සුසන්ත පීරිස් (නියෝජ්‍ය විදුහල්පති), අජිත් කොඩිකාර (කී‍්‍රඩා භාර නිලධාරී), බාතිය ප‍්‍රභාත් (පුහුණුකරු), නිමේෂ් ප‍්‍රනාන්දු (උප නායක)
පසුපස පෙළ වමේ සිට දකුණට - තරක පෙරේරා, ඩිලාන් අමරතුංග, නිමේෂ් කාවින්ද, ශොහාන් ඉරෝෂන්, ගයාන් මධුසංක, ඉශාර පි‍්‍රයමාල්, හර්ෂ බද්‍රජිත්, ධනුෂ්ක මධුසංක, නුවන් මධුරංග.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.