Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරා ගෝන් ප්‍රී තරගාවලියේදී පදක්කම් දිනා එති

පැරා ගෝන් ප්‍රී තරගාවලියේදී පදක්කම් දිනා එති

editorial - 2024 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

මොරොක්කෝ රාජ්‍යයේ  පැවති 04 වන ලෝක පැරා ගෝන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද (01 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය. 

මෙම තරගාවලිය  අප්‍රේල් 26 දින සිට 28 දින දක්වා, ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්, මොරොක්කෝ රාජ්‍යයේ මරකාස් නුවරදී පවත්වා තිබුණි .

එහිදී ජනනි ධනංජනා ටී.- 47 කාණ්ඩයේ තරග කරමින් මීටර් 100 ධාවන ඉසව්ව සදහා සහ සමිත දුලාන් ටී.- 44 කාණ්ඩය යටතේ තරග කරමින් හෙල්ල විසි කිරීම සදහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම ප්‍රදීප් සෝමසිරි ටී.- 46 කාණ්ඩයේ මීටර් 1,500 ධාවන ඉසව්ව සදහා ද , අනිල් ජයලත් ටී.- 42 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්ව සදහා සහ ජනනි  ධනංජනා ටී.47 කාණ්ඩය යටතේ දුර පැනීමේ ඉසව්ව සදහා ද රිදී පදක්කම් දිනා ගත්හ. 

බුද්ධික ඉන්ද්‍රපාළ ටී.- 42 කාණ්ඩය යටතේ පැවති මීටර් 100 ධාවන ඉසව්ව සදහා ද කුමුදු ප්‍රියංකා ටී.- 46 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්ව සදහා ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ශ්‍රී ලංකා පැරා මළළ ක්‍රීඩා කණ්ඩායම මෙම වසර තුළ පැවැත්වීමට නියමිත ජපානයේ ටෝකියෝ නුවර  පැරා ලෝක ශූරතා තරගාවලියට සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත පැරලිම්පික් තරගාවලිය සදහා ඉදිරිපත් වීමට නියමිත බව මෙම කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු සජිත් ජයලාල් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය . 

ශ්‍රී ලංකා කණ්ඩායම කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් දෝහා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ධනංජය අළුදෙණිය මහතා ඇතුළු පිරිසක් ද , මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

පැරා ගෝන් ප්‍රී තරගාවලියේදී පදක්කම් දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.