Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරණි දැල් පන්දු තරු යළි කරළියට

පැරණි දැල් පන්දු තරු යළි කරළියට

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුහුණු සංචිත දෙකක් යටතේ දැල් පන්දු කී‍්‍රඩිකාවන් 45 දෙනෙකු වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය පියවර ගෙන තිබේ. සුගතදාස ගෘහස්ථ පිටියේ පැවැති තේරීම් තරගවලින් පසු මෙම සංචිත නම් කර තිබේ.

එහි දී යොවුන් කී‍්‍රඩිකාවන් අභිබවමින් ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩිකාවන් කීප දෙනෙකු වසර ගණනාවකට පසු ජාතික දැල් පන්දු සංචිතයට තේරී් සිටීම කැපී පෙනේ. ශ්‍රී් ලංකා දැල් පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවන් වන දමයන්ති ජයතිලක වසර අටකට පසුව ද රත්නා වික්ටෝරියා වසර 10කට පසුව ද ජාතික සංචිතයට ඇතුළත්ව සිටිති. 37 හැවිරිදි දමයන්ති දැල් පන්දු සංගමයේ හිටපු ලේකම්වරියක් ලෙසත් කටයුතු කර තිබේ.
එහෙත් මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ හංසි බණ්ඩාර හා සමන්ති නිලූකා තේරීම් පරීක්ෂණවලින් අසමත් වී තිබේ. ජාතික  කණිෂ්ඨ කණ්ඩායමේ අතිරේක කී‍්‍රඩිකාවක් ලෙස කටයුතු කළ වෙනිජා පරමලිංගම් මෙවර ජ්‍යෙෂ්ඨ සංචිතයට සමත් වූවත් ජාතික කණිෂ්ඨ කණ්ඩායමේ කී‍්‍රඩා කළ දුලංගි වන්නිආරච්චි ඊට ඇතුළත් නොවීම කැපී පෙනේ.

එපරිදි පැවැති වනිතා වාසනා දැල් පන්දු තරගාවලියේ ”රැජින” ලෙස සම්මාන ලද නිමාලිත් ජාතික සංචිතයට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබීය. දරණ හිසේ ආබාධයකට ලක්ව සිටින බව කියන කවිෂා ඒකනායකත් ජාතික තේරීම් පරීක්‍ෂණ සමත් වීම තවත් කැපී පෙනෙන සිදු වීමකි. ලබන දෙසැම්බර් 1 වැනිදා සිංගප්පූරුවේ දී ආරම්භ වන ”නේෂන්” කුසලාන තරගාවලිය ඉලක්ක  කරමින්  ඊට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම තව සති තුනකට අඩු කාලයක දී සිදු කරන බව ශ්‍රී ලංකා දැල් පන්දු සංගමයේ සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවාය.

ජාතික සංචිතයෙන් බොහෝ කාලයක් ඈත්ව සිටි ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු ජාතික  නව දැල් පන්දු සංචිතයට ඇතුළත් වීම ගැන අදහස් දැක්වූ ඇය පැවසුවේ ජාතික තේරීම් කමිටුව තෝරා දෙන සංචිතය පවත්වාගෙන යාම හැරෙන්නට තේරීම් සම්බන්ධයෙන් කතා කිරීමට දැල් පන්දු සංගමය උනන්දු නොවන බවය.

මේ අතර ”නේෂන්” කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තේරීමේ පරීක්‍ෂණ ලබන සඳුදා (7) පැවැත්වීමට නියමිතය.

සොමිනා  කුමාරි, දිප්ති අල්විස්, අමල්කා වන්නිආරච්චි හා ඩෙසීමා ප‍්‍රනාන්දු යන මහත්මීන් ඒ සඳහා අයැදුම් කර තිබේ. මෙතෙක් මෙම ධුරයේ කටයුතු කළ හයසින්ත් විජේසිංහ මහත්මිය මෙවර ඒ සඳහා ඉදිරිපත් නොවූවාය.


අදහස් (0)

පැරණි දැල් පන්දු තරු යළි කරළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.