Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැමිණිලි කළාට මිලියන 20ක අලාභයක් ඉල්ලයි

පැමිණිලි කළාට මිලියන 20ක අලාභයක් ඉල්ලයි

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ‘හංජෝ’ නුවරදී පැවැති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් තේරීම් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කළ ක්‍රීඩකයකුගෙන් මෙම සිදුවීමෙන් අගතියට පත්ව ඇතැයි කියන ක්‍රීඩකයෙකු විසින් රුපියල් මිලියන 20 ක අලාභයක් ඉල්ලා එත්තරවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

චීනයේ හංජෝ නුවරදී 19 වැනි ආසියනු ක්‍රීඩා උළෙල (2022) 2023 සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා රටවල් 45ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 21 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 84 දෙනෙක් සහභාගී කළහ. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා නිර්දේශ ලබා ගැනීම එකම ක්‍රීඩකයකුට පමණක් සීමා විය.

මෙම තෝරා ගැනීම වැරැදි බවත් ඒ වනවිට ශ්‍රී ලංකාවේ තරග දක්‍ෂතා හමුවේ ශ්‍රේණිගත කිරීම්හි අංක එකට පත්ව සිටියේ තමන් බව කියමින් මෙරට නම ගිය බැඩ්මින්ටන් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටීම මෙම කතා පුවතේ පසුබිමයි.

කෙසේ වුවත් එයින් පසුව හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේෂ ලබාගත් බව කියන ක්‍රීඩකයාගේ මවුපියන් විසින් අදාළ පැමිණිල්ලෙන් ඔහු අපහසුතාවට පත් කළ බව කියමින් මෙසේ අලාභ ඉල්ලා එත්තරවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට මැදිහත්වීම් කළ නොහැකි බවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයට දැනුම්දී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එම ඒකකය මෙතෙක් විමර්ශන අවසන් කර නැත.

1951 දී ආරම්භ වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙතෙක් ශ්‍රී ලංකාව බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් කිසිදු පදක්කමක් දිනා නැත. මේ දක්වා මලල ක්‍රීඩා, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ඉසව් අටකදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 12 ක් ලෝකඩ පදක්කම් 26 ක් හා රිදී පදක්කම් 13 ක් දිනා තිබේ.

හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව් වෙතින් එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් අතර ක්‍රිකට් (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගත්තේය.


අදහස් (0)

පැමිණිලි කළාට මිලියන 20ක අලාභයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.