Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් සහතික පත්‍රයට ප්‍රසාද ලකුණු නෑ

පාසල් සහතික පත්‍රයට ප්‍රසාද ලකුණු නෑ

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2020 හා 2021 දී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙන් පාසල් සිසුන්ට එහි සහතික පත්‍රයට පිරිනැමෙන ප්‍රසාද ලකුණු ලබැගැනීමේ අවස්ථාව අහිමිව ගොස් තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව පවසන්නේ පාසල් සිසුන්ට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සහතිකය වසර දෙකක්ම නිකුත් කිරීමට නොහැකි වීමෙන් ඔවුන්ට සිදුවන අසාධාරණය ඉමහත් වුවත් එය වැළැක්වීමට විකල්පයක්ද නොමැති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව මෙහෙයවන ප්‍රධානතම ක්‍රීඩා උළෙල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලයි. එහි ජයග්‍රහණ හා සහභාගීත්වය සඳහා සිසු සිසුවියන්ට පිරිනැමෙන සහතික පත්‍රය සඳහා විශ්විද්‍යාල ප්‍රවේශය ඇතුළු වෙනත් බාහිර කටයුතුවලදී ප්‍රසාද ලකුණු හිමිවේ.

විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී මෙම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සහතික පත්‍රය සඳහාද ප්‍රසාද ලකුණු ගණනක් එකතුවන බැවින් එය කඩඉම්  අවස්ථාවලදී ඉහළ වැදගත්කමක් ගනියි.

‘‘මෙ අවුරුදු දෙකම සිසුන්ට ක්‍රීඩා සහතික  නිකුත් කරන්න බැරි වුණු එකට ගන්න වෙනත් කිසිම විකල්ප මාර්ගයක් නෑ. හැබැයි  මෙහෙම දෙයක් අපි කරනවා.

පාසල් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළුව වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට පිවිසෙන අවස්තාවලදී  අවසන් අවුරුදු තුනක සහතික පත්‍ර අවධානයට ගන්නවා.

 මීට යම්තාක් හෝ සධාරණයක් ඉෂ්ට කරන  අදහසකින් පසුගිය අවුරුදු දෙක මග හැරුණු සිසු සිසුවියන් ඒ වෙනුවෙන්ම 2018-2019 යන වසර දෙකේ දස්කම් සලකන්න අපි තීරණය කළා. නමුත් මෙම 2022-21 වසර දෙක සම්බන්ධයෙන් අපිට කිසිදු තීරණයකට එන්න බෑ.’’  යයි මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන ක්‍රීඩා) දයා බණ්ඩාර මහතා පැවසීය.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට  මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා  35 ක් පමණ ඇතුළත් වෙයි. අදියර කීපයකින් පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල වසර 2019 න් පසුව පැවැත්වීමට නොහැකි වූයේ කොරෝනා වසංගතය හේතුවෙනි. 


අදහස් (0)

පාසල් සහතික පත්‍රයට ප්‍රසාද ලකුණු නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.