අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ බාලක සහ බාලිකා පාපැදි තරගාවලිය අනිද්දා (07) අනුරාධපුරේදී පැවැත්වේ. තරග පෙරවරු 8.00 ට අනුරාධපුර ජයන්ති මාවතෙන් ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයේ ආරම්භක අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ (කී‍්‍රඩා) බී. ඒ. අබේරත්න මහතා සහභාගි වීමට නියමිතය.
තරගය ජයන්ති මාවතෙන් ආරම්භ වී ජයන්ති වට රවුම, මිහිඳුපුර, කුරුණෑගල හන්දිය, තිසාවැව, කොරකෑව, 2 කණුව, බන්ධනාගාරය ඉදිරිපිටින් නැවත ආරම්භක ස්ථානයට පැමිණෙයි. බාලක තරගය එම මාර්ගයේ වට පහකින් ද, බාලිකා තරගය වට තුනකින් ද, සමන්විත වේ.
මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ අධීක්‍ෂණයේන් පැවැත්වෙන මෙම තරගාවලියට ස්කැන්ඩිනේවියන් ඇග‍්‍රිටෙක්ස් ආයතනය පූර්ණ අනුග‍්‍රහය දක්වයි.
තරගාවලිය පිළිබද වැඩි විස්තර සඳහා දුරකතන අංක 0773304545 ඔස්සේ තරග සම්බන්ධීකරණ නිලධාරී මහේෂ් උපාලි ධර්මසේන මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.