Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි තේරීම් තරගය 26 - 27

පාපැදි තේරීම් තරගය 26 - 27

Nisanka Sandeepani - 2017 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන 2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්  20 දෙනෙකුගෙන් සමන්විත ජාතික පාපැදි සංචිතයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර ඇත.

මේ සඳහා තේරීමේ  තරගයක් මෙම 26 සහ 27 යන දිනවල අවිස්සාවේල්ල නගරය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ලබන 2018 අප්‍රේල් 4 සිට අප්‍රේල් 15 දක්වා ඕස්ෙට්‍ර්ලියාවේ ගෝල්ඞ් කෝස්ට් හිදී පැවැත්වෙන අතර ආසියානු ක්‍රීඩා උළෙල ලබන 2018 අගෝස්තු 18 සිට සැප්තැම්බර් 2 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා හි දී පැවැත්වීමට නියමිතය.

පාපැදි ජාතික සංචිතයක් ඉකුත් 2015 වසරේ අග භාගයේ  සිට ක්‍රියාත්මක වූ නමුදු 2016 ජනවාරි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලින් පසු එම සංචිතය විසුරුවා හැරිණි. එම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.


අදහස් (0)

පාපැදි තේරීම් තරගය 26 - 27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.