Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි තරග විනිශ්චයට කරුණාරත්න බාලි යයි

පාපැදි තරග විනිශ්චයට කරුණාරත්න බාලි යයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ‘බාලි’ දූපතේදී හෙට (2) ආරම්භ වන ‘අයිජන්’ අන්තර් ජාතික පාපැදි සවාරියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම සඳහා එන්. කරුණාරත්න මහතා ද ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගියේය.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ ආසියානු තරග කාලසටහනේ දෙවැනි පෙල පාපැදි තරගයක් වන මෙය අදියර හතරකින් පැවැත්වෙන අතර තරගයේ මුළු දුර කිලෝමීටර් 600කි.

යුරෝපයේ රටවල් ඇතුළුව රටවල් 15කින් කණ්ඩායම් 21ක් සහභාගි වන අතර ජයග‍්‍රාහකයන් අතර බෙදී යන මුළු තෑගි මුදල යුරෝ 46,000 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 8කට වැඩි අගයකි.
තරගය ලබන අඟහරුවාදා (5) දක්වා පැවැත්වේ. එන්. කරුණාරත්න මහතා මෙරට දැනට සිටින එකම අන්තර් ජාතික පාපැදි විනිසුරුවරයා වන අතර මේ වන විට ජාතික පාපැදි අතුරු කමිටුවේ තාක්‍ෂණික උප කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ලබන වසරේදී ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නුවරදි පැවැත්වෙන පොදුරදමඩුලූ ක‍්‍රීඩා උළෙලේ පාපැදි තරග විනිසුරු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් මේ වන විට ඔහු පත් කර තිබේ.

ඔහු දකුණු ආසියාවේ දැනට සිටින එකම අන්තර් ජාතික පාපැදි විනිසුරුවරයා ද වන අතර මේ වන විට ලොව ප‍්‍රමුඛතම අන්තර් ජාතික පාපැදි තරග ගණනාවක විනිශ්චය කිරීමේ අවස්ථාවට සහභාගි වී තිබේ.


අදහස් (0)

පාපැදි තරග විනිශ්චයට කරුණාරත්න බාලි යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.