මිනුවන්ගොඩ හොරන්පැල්ල මුදිත ක‍්‍රීඩා සමාජය පළමුවරට සංවිධානය කරන විවෘත ස්ටෑන්ඩර්ඞ් පාපැදි සවාරිය මේ මස 15 වැනිදා පෙරවරු 9.00 ට ගල්කන්ද නවලෝක මංසන්දියෙන් ඇරැුඹෙයි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පුර්ණ අධීක්ෂණයෙන් පැවැත්වෙන මෙම තරගයේ තරගකරුවෝ මිනුවන්ගොඩ මංසන්දියෙන් හැරී දිවුලපිටිය මංසන්දිය දක්වා ගමන් කර යළිත් මිනුවන්ගොඩ නගරය දක්වා වට පහක් ධාවනයේ නිරතවෙති.
මෙම පාපැදි සවාරිය ස`දහා තරගකරුවන් 50 කට වැඩි පිරිසක් මේ වන විටත් ඉදිරිපත්ව ඇතැයි සංවිධායක කමිටුව පවසයි.
පාපැදි ශූරයාට රුපියල් 50,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 35,000 ක් සහ තෙවැනි ස්ථානය ලබන ක‍්‍රීඩකයාට රුපියල් 25000 ක් ලෙස ජයග‍්‍රාහකයන්ට මුදලින් ත්‍යාග පිරිනැමේ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.