Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු මුල්පුටුව ජස්වර්ට

පාපන්දු මුල්පුටුව ජස්වර්ට

editorial - 2021 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (30) පැවැති නිලවරණයේදී ඡන්ද 96 ක් ලැබූ ජස්වර් උමාර් මහතා එහි නව සභාපතිවරයා ලෙස තේරී පත්විය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතාට එහිදී ලබාගත හැකි වූයේ ඡන්ද 90 ක් පමණි.

පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ස්ථාපිත කරතිබූ ඡන්ද මධ්‍යස්ථාන තුනකදී පාපන්දු සම්මේලනයේ නිලවරණයට සහභාගි වූ ප්‍රාදේශීය පාපන්දු ලීග නියෝජිතයෝ ඊයේ සිය මනාපය ප්‍රකාශ කළහ.

සම්මේලනය් ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතා නිතරගයෙන් පත්විය. නව විධායක සභාවේ ඉතිරි තනතුරු සඳහාද නව සභාපති ජස්වර් උමාර් මහතාගේ පාර්ශවයේ නිලධාරීහු නිතරගයෙන්ම පත්වූහ.

 


අදහස් (0)

පාපන්දු මුල්පුටුව ජස්වර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.