හර්ෂ සල්ගාදුගේ සහ සිතුම් තෙල්ගේගේ දක්ෂ පිති හරඹය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහලට එරෙහිව පානදුරේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 145 ක ජයක් වාර්තා කිරීමට පානදුර ශාන්ත ජෝන් විදුහල සමත්විය.
ඉනිම පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 289 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143 ක් පමණි.
ශාන්ත ජෝන් විදුහලේ හර්ෂ සල්ගාදු ලකුණු 70 කට කඩුලූ 8 ක් දවාගනිමින් ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්විය.
ඉන් නොනැවතුන හර්ෂ සල්ගාදු (142), සිතුම් තෙල්ගේ (111) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 255 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 388 ක් දක්වා ඔසවා තැබීය.
ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 24 කදී සියලූ දෙනා දැවී 100
(සංජීව සොයිසා 47, අයේෂ් මධුසංක 37/3, හර්ෂ සල්ගාදු 16/3, සුදේෂ් කුමාර 20/2, කවිඳු කුලරත්න 15/2)
ශාන්ත ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 77.4 කදී කඩුලූ 9 කට 388
(හර්ෂ සල්ගාදු 142, සිතුම් තෙල්ගේ 111, කවිඳු අශාන් නොදැවී 18, තරිඳු රුසිත් 18, තනූජ අකලංක 16, නිපුන් සුචිත‍්‍ර 49/3, විරංග මනෝජ් 76/2, සංජීව සොයිසා 92/2)
ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහල - දෙවැනි ඉනිම - ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 143
(නවෝද් මධුසංක 35, ගයාන් කණිෂ්ක 25, හර්ෂ සල්ගාදු 54/5, කවිඳු අශේන් 7/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.