Last Update  :  2026-02-06 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර පිල කඩුලු 3 කට 146 යි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

පානදුර පිල කඩුලු 3 කට 146 යි

editorial - 2026 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ බදුරලිය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පානදුර ක්‍රීඩකයෝ කඩුලු 3 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටියහ. 

ඒ අනුව පානදුර කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව බදුරලිය කණ්ඩායමට වඩා තවත් ලකුණු 151 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටි ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 58 ක් ලබා සිටියේය. ශාලිත ප්‍රනාන්දු ලකුණු 36 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

පළමු දිනය වූ ඊයේ (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටි බදුරලිය කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි. එහිදී හතරේ පහර 10 ක් සමග ලකුණු 89 ක් රැස්කිරීමට අයණ සිරිවර්ධන සමත් වූ අතර අතර ඩිල්ෂාන් ද සොයිසා ලකුණු 91 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගිනි. 


බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297 
(ඩිල්ෂාන් ද සොයිසා 91, සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන 89, අසංක මනෝජ් 62/3, නිසල තාරක 27/2, දුෂාන් විමුක්ති 57/2, විෂ්ව ළහිරු 75/2) 

පානදුර පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 146 
(විෂ්ව චතුරංග 27, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 58, ශාලිත ප්‍රනාන්දු 36) 


අදහස් (0)

පානදුර පිල කඩුලු 3 කට 146 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.